wasantha-samarasinghe-speaks

පසුගියදා සංකේත වැජවර්ජනය සිදු කරමින් අරගලයට එක් වෙමින් ජවිපෙ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සමරසිංහ මහතා තම අදහස් සමාජ මාධ්‍ය වෙත දක්වා තිබුණේ මෙලෙසය.


''වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හැටියට අද අපි අපේ රටේ වැඩවර්ජනයක් කැදවලා මේ ආණ්ඩුවට කිව්වේ මිනී මර මර රට වටේ මේ රටේ මිනිස්සු තව දුරටත් පීඩාවට පත් කරන්න එපා.සබන් කෑල්ල ගන්න පෝලිමේ ඉන්න වෙලා තියෙන්නේ.පාන් රාත්තල ගන්න පෝලිමේ ඉන්න වෙලා තියෙන්නෙ.

අද ගිනි පෙට්ටිය 40ට ගිහිල්ලා සබන් කෑල්ල 160ට ගෑස් 4800ට ගිහිල්ලා මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වෙලා තියෙන්නේ.ඒ නිසා මේ රටේ රාජ්‍ය , අර්ධ රජ්‍ය , පෞද්ගලික, වතු සියලු සේවකයෝ  මේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට ආවා.ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකා වතු කම්කරු සංගමය , LJW එක මේ රටේ වැඩ වර්ජන ක්‍රියාදාමයත් එක්ක අත්වැල් බැඳගත්තේ පළවෙනි වතාවට.ම

ේ රටේ ලියාපදිංචි වෘත්තිය සමිති 1400ක් 1000කට වැඩි ප්‍රමාණයක් අද දවසේ මේ වැඩ වර්ජනයට සම්බන්ධ උනා.

වතු ක්ෂේත්‍රය සම්බන්ධ උනා,දුම්රිය වෘත්තිය සමිති මේ වෙනකොට 100කට ආසන්න වෘත්තිය සමිති 90කට වැඩි ප්‍රමාණයක් මේ වැඩ වර්ජනයට සම්බන්ධ උනා.විදුලි බල මණ්ඩලය විදුලි අධිකාරිවරු ,විදුලි ඉන්ජිනේරුවරු ඇතුළු සියලු සේවකයෝ මේ වැඩ වර්ජනයට සම්බන් උනා.තෙල් සංස්ථාව ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය මේ සියලු දෙනා වැඩ වර්ජනයට සම්බන්ධ උනා.රෝහල් වල වෙද්‍යවරු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඒ වගේම සියලු කාර්යමණ්ඩල මේ වැඩ වර්ජනයට සම්බන්ධ උනේ අද ජනතාවට බෙහෙත් දෙමින් විදුලිබල මණ්ඩලය වැඩ වර්ජනයට සම්බන්ධ උනේ අද විදුලිය නොකපා ඉන්නවා කියලා.

ඒ වගේම මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයෝ නැවත පාඩමක් ඉගැන්නුවා 2011 රෝෂෙන් චානක ඝාතනය කරලා අරමුදල කොල්ල කන්න හදපු වෙලේ එළියට බැහැපු කටුනායක සේවකයෝ අද එළියට බැස්සා.රාජපක්ෂලාට යන්න කියලා.මේ රටේ පෞද්ගලික අංශයෙ සියලු වැඩබිම් එළියට බැහැලා කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලාට ගෙදර යන්න කියලා.දෙසැම්බර් මාසේ ගත්ත පඩියෙන් තුන් ගුණයක් ඕන අප්‍රේල් මාසයේ ජීවත් වෙන්න.අන්තර් සමාගම් සේවක මණ්ඩලය ඇතුළු මේ රටේ සියලු වෘත්තිය සමිති මේ අරගලයට සම්බන්ධයි...''