viyathmaga-fail-dilan

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පසුගියදා පාර්ලිමේන්තු සභා වරයේදී වත්මන් ආණ්ඩුවේ කල්කිරියාව ගැන ඔහුගේ අදහස් මෙසේ ප්‍රකාශ කර තිබුනා.



"මම අප්‍රේල් මසේ මුල් කාලෙත් කිව්වා මේක නවත්තන්න කියලා නමුත් මේක නවත්තන පටක් නැහැ. අද මේ තියන ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න ඕනේ හොඳම පිළිතුර හොයනවට වඩා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ ගැන හිතුවොත් විතරයි.

ඉතිං එහෙම කරන්න පුළුවන් දෙයක් තියනවා නම් කරන්න තියෙන දේ තමයි 20 අහෝසි කරලා 19 වැනි සංශෝධනයේ තියෙන වැරදිත් හදාගෙන 21 වැනි සංශෝධන ගෙන එක අපේ ගරු අග්‍රාමත්‍යතුමා එදා කිව්වා වගේ. මිනිස්සු අහන්නේ එළියේ ඉඳලා 19 ගෙනවා කියලා ගෑස් හම්බ වෙනවද?  19 ගෙනවා කියලා  තෙල් හම්බ වෙනවද?  19 කන්නද කියලා තමයි මිනිස්සු අහන්නේ..හැබැයි ගෑස් ගෙන්න, තෙල් ගෙන්න අවශ්‍ය කරන්නාවු ඩෝලර් ප්‍රශ්නයක් තියනවා.ඒ ප්‍රශ්න විසඳගන්න අපි තව ආධාර ගන්න හරි, ණය හරි ගන්න එහෙම නැත්තම් තව රටකට හරි ගියාම මේ රටේ තියන ආණ්ඩුව ස්ථාවර නැත්තම් අපිට ණය දෙන්න කැමති වෙන්නේ නැ..

අද ගෝල්ෆෙස් එක තුළ තියන විරෝධතාවය තුල දකිනවා වෙනදා නැති හොඳ ලක්ෂණ කිහිපයක්. ඒ විරෝධතාවය තුල ජාතිවාදය නැ, ජාතීන් අතර සහයෝගීතාවය තියනවා, අපි දැක්ක මුස්ලිම් මිනිස්සුත් අපේ ස්වාමීන් වහන්සෙලාට දානය දෙනවා. ඉතිං මේ විරෝධතාවයට සමහර වේලාවට පොඩි පොඩි කලු පැල්ලම් දානවා.. මම තමයි පාර්ලිමේන්තුවේ මුලින්ම වියත්මග ෆෙල් කියපු එක්කෙනා ආණ්ඩුවේ ඉඳගෙන.ඉතිං ගෝල්ෆෙස් එකේ ඇත්තටම ජනතාවට තියන ප්‍රශ්නය ,වේදනාව මේ අවංකව අරගෙන යන අරගලය සමහර ගම්වලට එනකොට අද පාරේ වෙන දේශපාලන කතන්දර නිසා  පාර වහන්න, බස් වලට ගහන්න යන මට්ටමට ගිහින් තියනවා පාලනයක් නැති නිසා."