rajapaksa-brother-charles

ශ්‍රී ලංකාව  අඳුරු සහගත දිනයක් වීමෙන්පසු ඇතිවූ සිදුවීම ගැන  බ්‍රදර් චාල්ස් සමග චමුදිත සමරවික්‍රම පැවැත්වූ සාකච්ඡාවක් මේ සමග පළවේ.

"බොහොම පැහැදිලි ලෙසම මේක අපි දැක්කේ මීට කලින් සජීවී දර්ශණය දකින්න පෙර මීට කළින් මේක වෙනවා කියලා දැකලා මේක වළක්වන්න පුළුවන් සියලු දෙනාට අපි මාස ගානක් කෑගැහුවා මේක වෙන්න දෙන්න එපා කියලා කවුරුත් ඇහුවේ නැහැ.අපි ගණන් හදලා කිව්වා පොලිසියට ගණන් හදලා කිව්වා හමුදාවට ගණන් හදලා කිව්වා වර්තමාන ජනාධිපතිවරයාට මම කෙලින්ම පෞද්ගලිකව කතා කරලා තියෙනවා කතා කරන්න පුළුවන් ජේෂ්ඨයින්ට කතා කරලා තියෙනවා."

*ජනාධිපතිවරයාට කතා කරා නම් මොකද කිව්වේ ?

"මේ තත්ත්වයේදී මේ තත්ත්වය පාලනය කරගන්න පුලුවන් ක්‍රමවේද,ඉතාම හොඳින් කතා කළා මේ තත්ත්වය ඇති වෙච්ච වෙලාවේ.පිස්සු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මාව මුණගැහුන මේ සියලු දෙනාට මම එක පණිවිඩයක් දුන්නා මුල් අවස්ථාවේදී මේ තත්ත්වය පාලනය කරන්න නම් ඉතා ඉක්මනින් මේ විසිවෙනි සංශෝධනය ඉවත් කරලා අග්‍රාමාත්‍ය වරයෙක් යටතේ මිනිස්සුන්ට පිළිගන්න පුළුවන් විසඳුමක් දීලා හුඟක් ලොකු වෙනසකට යන්න කියන ඉල්ලීම දැඩි ලෙස කලා."



*ඇයි ඒ ඉල්ලීම කළේ නැත්තේ..?
"ඒක තමයි. යන්නේ නැතුව දිගින් දිගටම එක එක ක්‍රම වලින් විසඳුම් හොයන්න ගිහිල්ල අන්තිමට ඇතිවෙලා ඇති වෙලා තියෙන තත්වේ ඇතුළෙත් ඉතා විශාල නරක දෙයක් සිද්ධ වුණා."

*මේ සිදුවීමේ වගකීම කවුද භාරගත යුත්තේ?

"මේ සිදුවීමේ වගකීම ප්‍රධාන වශයෙන්ම අගමැති තුමා හා ජනාධිපතිතුමා එක්ක පොලිස්පති වරයා භාරගත යුතුයි.
 

*සිදුවීම වෙලාවේ කැඳවනවා අරලියගහ මන්දිරයට පිරිසක් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ කතා කරනවා ,ජෝන්ස්ටන් ප්‍රනාන්දු කතා කරනවා ,ඊට පස්සේ මේ අය එළියට බැහැලා මයිනගෝ ගම විනාශ කරමින් ගෝඨා ගෝ ගමට එනවා.මේක ඔබතුමා විශ්වාස කරන්නේ සැලසුම් සහගත ක්‍රියාවලියක් ද ,නැත්තං අරලියගහ මන්දිරයට විතරක් ආපු පිරිස විතරක් මෙතනින් අහඹු විදිහට ගියාද,මොකක්ද මෙතන වෙන්න යන්නේ.?
"දැන් අමු බොහොම පැහැදිලි ලෙසම හදිසි නීතිය දාලා තියෙන වෙලාවක් නෑ මේ රටේ මම වෙලාවක මේ විදියට සංවිධානය කරලා බස් බස් වලින් ජනතාව ඒකරාශී කිරීමත් අගමැතිතුමාට විශේෂ අයිතියක් තියෙන්න විදියක් නෑනේ.එතකොට මේක සැලසුම්සහගතව වුනා කියලා අපිට පිළිගන්න පුළුවන්.ගම් වලින් අපිට තොරතුරු ලැබුනා මේක මුළු රටම දැනගෙන හිටපු දෙයක්."

*අගමැතිවරයා වගේ අත්දැකීම් බහුල පුද්ගලයෙක් 1970 ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්න පුද්ගලයෙක් ඇයි මෙහෙම කටයුතු කරන්නේ.?
"දැන් අපිට පැහැදිලිවම තේරෙනවා මේ බලය අත්හැරලා යන්නේ නැති මොකක් හෝ හේතුවක් තියෙනවා.මට හිතෙන්නෙ නෑ තණ්හාව කියලා.මට තියෙන සැකය තමයි මේ බලය අත්හැරීමත් එක්ක ඔවුන් අතර ඉන්න බොහෝ දෙනකුට නීතිය ඉදිරියට යන්න සිදු වේවි කියන බය ද තියෙන්නේ කියන ප්‍රශ්නය මගේ තියෙනවා.මට තියෙන්නේ ඒ සැකය.නැතුව තණ්හාව නිසා ඉන්නවා කියලා මට හිතෙන්නේ නැහැ.මම කියන්නේ මම විතරක් නෙමෙයි මේ රටේ වගකිවයුතු සියලු දෙනා මේ අයට මේ වෙන්න තියෙන දේ කිව්වා.රට ලොකු අරාජිකත්වයට යනවා දරුණු ලේ වැගිරීමට යනවා කරුණාකරලා මේකට විසඳුමක් දෙන්න කියලා ඉල්ලීම් කළා.විශේෂයෙන්ම  රාජපක්ෂවරුන් ඔවුන්ගේ ආක්ෂාව ගැන විතරක් හිතමින් කවුරුහරි මේක බාර භාරගන්න

*එතැනදී  ආපු පිරිස අපි බොහොම පැහැදිලිව ම දකිනවා අන්තරයට ගහපු පොලිසිය  නෙමෙයි මෙතන  ඉන්නේ ,galle face roundabout එක එච්චර පළල් තැනක් නෙවෙයි එතනින් නවත්ත ගන්න තිබුණා.මෙහි එතනින් නවත්ත ගන්නෙ නැතුව අපි දැක්ක කඳුළු ගෑස් ගහනවා මුහුදට.ජල ප්‍රහාර ගහනවා දැක්කා ගෝල්ෆේස් එකේ ක්‍රීඩාංගනයේ පැත්තට,පොලිසිය අර අයත් එක්ක දුවනවා එච්චරයි.අපි මේ වෙනස.?.

"බොහොම පැහැදිලි ලෙසම දැන් එතකොට රාජපක්ෂවරුන්ගේ ක්‍රියාවලිය ඇතුලේ පොලිසිය බින්දුවටම වැටුන නේ මේ සිද්ධියත් එක්ක.පැහැදිලි සාක්ෂි සහිතව තියෙනවා අර සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරන මොහොතේ දී ප්‍රතිරූපයක් හැටියට නෙවෙයි නිවැරදි සාක්ෂි සහිතව විශාල පිරිසක් ලෑස්ති වෙලා ඉන්නවා පොලිසිය කොහොමද ක්‍රියා කළේ ,ඔච්චර පක්ෂග්‍රාහි උනාද මේ සියලු තොරතුරු සහිතව නීතිඥවරුන් සහ වගකිවයුතු අය ඒ ලිපි ගොනු පිටින් බලාගෙන ඉන්නවා."




*මම දන්නවා ඔබට මේ රට තුළ විවිධ සංවිධානාත්මක තොරතුරු ජාලයක් තියෙනවා.එතුමා විශ්වාස කරන විදිහට කවුරුන් හෝ ඉහළින් ඕඩර් එකක් දුන්නද මේ මහින්ද රාජපක්ෂගේ අරලියගහ මන්දිරයේ ඉඳලා  ආපු පිරිසට මැරයන්ට ගහන්න එපා කියලා.?
"අපිට පැහැදිලිවම පේනවානේ එහෙම දෙයක් කියලා තියෙනවා කියලා. අපිට අනුමාන කරන්න පුලුවන් ඉතා පැහැදිලි ලෙසම ඒකයි මම කිව්වේ නීත්‍යානුකූලව කටයුතු කරද්දී ඒකට අවශ්‍ය සියලු තොරතුරු හා පුද්ගලයින් සූදානම් වෙලා ඉන්නවා සියලු තොරතුරු සපයන්න.අපි නිකං කියවන අය නෙවෙයි.ඕනම ටීවී බලන ප්‍රේක්ෂකයෙකු ට තේරුම් ගන්න පුළුවන්  ක්‍රියාවලියක් තියෙනවා."


*මිරිහානේදී හතළිස් පස් දෙනෙක් අත්අඩංගුවට ගන්නවා ,බස් එක ගිනිතියපු පුද්ගලයා තට්ටෙ තියෙන කොන්ඩේ නැති පුද්ගලයෙක් දීලා කියනවා ආමි එකේ බස් එකක් මට එළවන්න පුළුවන්ද ඒ පුද්ගලයා ඊට පස්සේ අන්තරේ උද්ඝෝෂණය අතරේ ඉන්නවා පාර්ලිමේන්තුවේ සංකීර්ණය ඉස්සරහ.මේ අද්භූත පුද්ගලයෙක් එතකොට මේ චරිත කවුද එහෙනම්.?
" අපිට පේනවා එක්තරා තැනකදී අත්අඩංගුවට ගන්නවා පාර්ලිමේන්තුව ඉස්සරහ පාර්ලිමේන්තුව රැස්වෙන දවසෙ විරෝධතා ප්‍රදර්ශනය කරපු කතානායකට ලිපියක් බාර දෙන්න ගියපු ළමයි ටික හදිසියේ ඇවිල්ලා  බස් එකේ දාගෙන ගිහිල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න හැදුවා.ඔච්චර මැරයෝ පාරට බැහැලා පොලු මුගුරු අරගෙන ගහද්දි ඔලු පලද්දී කෙනෙක්ව අත්අඩංගුවට ගන්න පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ."


*කතා අධිකරණ නියෝග ඇවිල්ලා ඒක කියවනවා අන්තරයටත් ඒක කළා ,කිසි දෙයක් නැති වීමෙන් පැහැදිලි වෙන්නේ එක රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු වෙච්ච මැර ප්‍රහාරයක් කියලා ද.?
"බොහොම  පැහැදිලිව ඉහළ අනුග්‍රහයක් තිබ්බ කියන එකේ කිසි සැකයක් නැහැ නේ.නැත්තං පොලිසිය කොහොමද එහෙම කටයුතු කරන්නේ.පොලිසිය අනිත් තැන් වලදී මේ නිරායුධ ළමයින්ට ක්‍රියා කරපු විදිය මේ විදිහයි බලනකොට කිසිසේත් ම අපට පිළිගන්න බැහැ ඔවුන් ස්වාධීනව කටයුතු කලා කියලා."


*සේනාධිනායකයා ජනාධිපතිවරයා?
"මේකට ජනාධිපතිවරයා තරයේ විරුද්ධ වෙනවා හෙලා දකිනවා කියලා  ප්‍රකාශ නිකුත් කළාට ඒක ජාතික මට්ටමේ විහිලුවක්.මොකද ජනාධිපතිතුමා ආරක්ෂක ඇමතිවරයා,සේනාධි නායකයා එතකොට ජනාධිපතිතුමාගේ සම්පූර්ණ වගකීම.ගෝල්ෆේස් එකේ ඉදලා කොල්ලුපිටිය පාලනය කරගන්න බැරි නම් මොකක්ද ජනාධිපතිවරයාගේ ඇති වැඩේ."


*රූපවාහිනිය බලන් ඉන්න අපිට දැනුණා දැනුනා දැන් ගිනි ගන්නවා දැන් ගිනි ගන්නවා කියලා. එතකොට හමුදාව කැඳවන්නේ ඉතාම පස්සේ.ඔන්න දැන් කොළඹ හා ආශ්‍රිත හැම තැනකම හමුදාව.වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.කෝ හමුදාපතිවරයා කෝ පොලිස්පතිවරයා.?
"සාමකාමී අරගලයක් මාසයක් තිස්සේ ඔප්පු කරලා පෙන්නලා තිබුණේ මේ තරුණ කණ්ඩායම.එක ඔප්පු කරලා තියෙද්දී පැහැදිලි තොරතුරු බුද්ධි අංශ වලින් අපි හිතමු ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ වෙන දේවල් දන්නෙම නැහැ කියලා,එතකොට දැන් ජනාධිපතිවරයාගේ බුද්ධි අංශ නිදිද.ජනාධිපතිවරයාට මේ මැරයෝ ඇතුල් වෙන එක නවත්තන්න තිබුණෙ නැද්ද. බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.ඒ නිසයි මම කියන්නේ දැන් ජනාධිපතිතුමා ඉඳලා.ජනාධිපතිවරයා යා යුතුයි කියලා මම කියන්නේ තත්ත්වය මෙසේ වෙන්න ඉඩ හැරීම නිසා.අගමැතිවරයා යාම ප්‍රමාණවත් නැහැ.ජනාධිපතිවරයාත් යායුතුයි මොකද ඔහු මේක වැලැක්වූයේ නැහැ.ඒ වගකීම භාර ගත යුතුමයි.අගමැතිවරයාට පෙර සේනාධිනායකයා වශයෙන් ආරක්ෂාව භාරව ඉන්න මේ රට ආරක්ෂා කරන්නනේ ජනාධිපති වුණේ ."


*ඉතිහාසයේ කවරදාකවත් වඩා මේ රටේ මිනිස්සු ඇමතිවරුන්ගේ ගෙදරට ගියා. මේ පාදඩ ක්‍රමය ඇති කරපු මිනිසුන්ගේ ගෙවල් විනාශ කළා,ප්‍රචණ්ඩත්වය හරි කියනවා නෙවෙයි රටේ තියෙන මිනිස්සුන්ගේ බලවත් අප්‍රසාදය එක පවුලක් වෙනුවෙන් රටක් දෙකඩ කළා.එකම රටක මිනිස්සු නෙ මේ ගහ මරා ගන්නේ.මේ ගැන මොකද හිතන්නේ.?
" මේ රටේ මිනිස්සුන්ගේ ඉවසීම ඉතා අගය කළ යුතුයි.හිතන්න කොයි තරම් කාලයක් ඉවසුව ද කියලා.අහිංසක දුප්පත් මිනිහට සිද්ධ වෙච්ච දේවල් හිරගෙවල් අතුල ඉන්න මිනිස්සු වෙඩි තියලා මරලා දානවා,ලෝකේ කොහෙවත් වෙන්නේ නැති දේවල් මහපාර මිනිස්සුන්ට ගහලා මරනවා ගොඩක් දේවල් සිද්ද වෙනවා මේ ඔක්කොම අතරේ ඒත් මිනිස්සු ඉවසුවා.අහිංසක තරුණ කණ්ඩායම් වලට පහර දීම තමයි ඉවසන් නැතිව ගියේ  එතැනදී ඔබට මට අපි සියලු දෙනාටම තියන පාලනය ගියා.එහෙම නැතිනම් මේ රාජපක්ෂවරුන්ට උපදෙස් දෙන මෝඩයො ටික ඊයේ ඒ සම්බන්ධව මම වගකීමෙන් කියන්නේ කීපදෙනකුට වෙඩි තියලා මරලා පාලනය කරන්න පුලුවන් කියන උපදේශකයො ටිකක් වටේ ඉන්නවා.ඒ අය අද හොයා ගන්න නැහැ.එතකොට එහෙම උපදෙසක් තමයි මේ ක්‍රියාත්මක කළේ.මම ඔවුන්ට කිව්වා ඕගොල්ලො හිතනව නම් වෙඩි තියලා මේක මර්දනය කරන්න ඉතිහාසයේ වෙන ලොකුම වැරැද්ද තමයි කරගන්නේ අණදෙන උසස් නිලධාරීන්ට මම ඉන්ඳලා කිව්වා.මගේ විමසුවා එතකොට මිනිස්සුන්ගෙන් මොනවගේ ප්‍රතිචාරයක් එයිද කියලා මම දැඩිවම කිව්වා මේ සැරේ සමහරවිට මිනිස්සු ඔබට ගහන එකක් නැහැ,බැරි ලක්ෂ ගණන් අපිට වෙඩි තියපන් කියලා පාරට බහිනවා කියන එක නම් මම කිව්වා.නමුත් මිනිස්සුන්ගේ ආවේගය ආවට පස්සෙ අපිට ඒක බලාපොරොත්තු වෙන්න බැහැ.අපි දිගටම ඉල්ලුවේ අපිට මේ තියෙන පාලනයක් නැති වෙච්ච දවසකදී වෙන්න තියෙන විනාශය නවත්වන්න කියලයි මේ නායකයින්ගෙන්.''




*අවසන් වතාවට මිනිස්සු වෘත්තීය සමිති විදියට ආවට ඉන්දු ලංකා ගිවිසුම එළියෙ තමයි මිනිස්සු පාරට බැස්සේ තැන සිට කවදාවත් මිනිස්සු මේ වගේ සංවිධානාත්මකව පාරට ආවේ නැහැ.එකම නෙවෙයිද පාලකයන්ට වැරදිච්ච තැන.?
"ඔතන තමයි වැරදුනේ පැන්ෂන් ගිය ආමිකාරයින්ගේ කාරයින්ගේ උපදෙස් ගන්න එක නවත්තන්න ඕනේ.මම ඒක කෙලින්ම කියනවා.මම මේක වගකීමෙන් කියන්නේ කවුද මේ රටේ professionals ලා,වෘත්තීයවේදීන් කවුද උපදෙස් දෙන්නේ.හමුදාවේ අයට රට පාලනය කරන්න බැහැ.හමුදාවට අගෞරව කරන්න හොඳ නෑ ඒවට පටලවගෙන. මෙතන තියෙන ස්වාධීනත්වය හා ගෞරවය කෙලෙසුවා  සම්පූර්ණයෙන්ම.පොලිසිය රෙදි ගැලව්වා මේ ආණ්ඩුව.මම කියන්නේ රටකට උපදෙස් ලබා ගන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නවා,හමුදාවේ ඉඳලා විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 70 පැනපු අයට රට පාලනය කරන්න පුලුවන් විදිහේ උපදෙස් දෙන්න බැහැ.ඒ බරපතළ වැරදි සියල්ලම කරගෙන තියෙනවා.එතනදි මට වගකීමෙන් කියන්න පුළුවන් ඒක කරද්දිත් විශාල රටට ආදරේ කරන විද්වතුන් ඔය ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඔය වැරැද්ද එපා කරන්න එපා කියලා උපදෙස් දුන්නා.ඒගේම කළ යුතු දේ කියලා දුන්නා.ඒ තරම් ඉවසීමක් එක්ක ප්‍රතිචාර දීපු මිනිස්සු ඉන්න රටක් මේ මිනිස්සුන්ව එලියට ඇදල අරං වෙඩි තියලා මරලා ගහලා.මේ කළඹගෑනිය නිර්මාණය කළා කියලා තමයි මම හිතන්නේ."


*ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපතිවරයා  වශයෙන්  වැරදි තීන්දුවක්.?
" මම හිතන්නේ ඒ තීන්දුව වැරදියි කියන එක නෙවෙයි.ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරණයට ඉල්ලන වෙලාවේ. පැහැදිලි ලෙසම මුළු රටේ සියලු දෙනාගේම පිළිගැනීමක් තිබුණා.ඒ පිළිගන්න හේතු තිබුණා ඒක ඇතුළෙ ඔහු මේරට වෙනුවෙන්  කරයි කියලා මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේවල් ටිකක් තියෙනවා.මම දන්නවා ඉතිහාසයේ කවදාවත් දේශපාලනයට බර නොවිච්ච මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ එක්ක එකතු වුනා.එසේ සහාය දුන්නේ ඔහු දේශපාලකයෙක් නොවන නිසා.ඔහු පක්ෂයකට අයිති නොවී ස්වාධීන ජනාධිපතිවරයෙක් විදිහට මේ රටේ රට නිදහස් කර ගනී කියන විශ්වාසය තිබුණා."


*මිනිසුන්ට කන්න ටික හොයාගන්න බැහැ ගෑස් නැහැ,විදුලිය නැහැ තෙල් ටික නැහැ පිටි ටික නැහැ දරුවාට දෙන්න.මේ ප්‍රශ්නෙත් එක්ක රට ආපස්සට ගියා.ඇමති මණ්ඩලයක් නැහැ.ජනාධිපති තමයි සියල්ල බලන්නේ.මේ තත්ත්වය තුළ රට අරාජිකයි.?
"මම ඕක දෙවිදියකට දකිනවා මම දිගින් දිගටම කිව්වා  2024 තමයි මේ රටේ ඉතාමත්ම යහපත් කාලවකවානුව ආරම්භ වෙන්නේ කියලා.ඒවගේම මම කිව්වා මේක මහා විනාශයකට පස්සේ සිද්ධ වෙන්නෙ කියලා.මම ඒක කිව්වෙ පේන කීමක් හැටියට නෙමෙයි ඒ තමයි මේ විනාශය.රට ගියපු විදිය දිහා බලල තමයි මම ඒ කිව්වේ.ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා යි මම මේක කිව්වේ."


*එතනින් එහාට අපේ රටේ අනාගතය අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් තුනක් මුළු රටම ගිනි ගත්තට පස්සේ ඔහු අරලියගහ මන්දිරයෙන් පිට වුණා කියලා වාර්තා තියෙනවා.  මැරයො අත රටේ පාලනය තියෙනවා කියලා අපි දැක්කා. තැන් තැන්වල බස් ගිනි අරගෙන අමු සොහොනක් වගේ මේ රට පත් වෙලා තියෙනවා.අපට ගොඩ ඒමක් තියනවද මෙතැනදී.?

"මම විශේෂයෙන් ඉල්ලීමක් කළා කොළඹට මේ හදිසි නීතිය තියෙන වෙලාවේ මේ වගේ මැර කණ්ඩායම් ප්‍රවාහනය කරපු බස්රථ පොලිසිය අත්අඩංගුවට ගත්ත නැත්තේ ඇයි,එතැනදිත් පොලිසිය ඒ වරද භාර ගන්න ඕනේ,හරි නම් පොලිස්පති වරයා මේ වෙනකොට ඉල්ලා අස් වෙන්න ඕනේ.එහෙම නැත්නම් මේකට වගකිව යුතු වෙනත් නිලධාරියෙක් ඉන්නවනම් පොලිස්පතිවරයා විසින් ඔහුව ඉවත් කරන්න ඕනේ."


*රඹුක්කන සිද්ධිය ගැන පැය කිහිපයකට යන්න පෙරාතුව  පොලිස්පතිවරයා,අමාත්‍යාංශ ලේකම් ප්‍රකාශ කළා හැබැයි දැන් තාම පොලිස්පතිවරයා එක ප්‍රකාශයක් කලේ නැහැ.?

"කළේ නැහැ ඇත්ත සම්පූර්ණ වගකීම ඔවුන් ගන්න ඕනේ.බස්රථ පොලිසිය අත්අඩංගුවට ගන්න තිබුණා  වේගයෙන්.බස්රථ අත්අඩංගුවට ගැනීම පොලිසිය සතුව තිබුණේ.ගෝල්ෆේස්  එකට ඇවිල්ලා ගහලා යනකොට ඒ අයව අත්අඩංගුවට ගන්න තිබුන පොලිසියට.එසේ නොකිරීමෙන් නීතිය සෙනග අතරට විසික් කලා වගේ වැඩක්  කළේ..."


*මෙතන කතාවක් පැතිරෙනවා මෙතැනදී කණ්ඩායම් දෙකකට බෙදුනා එකක් මහින්දගේ ටීම් එක,එකක් ගෝඨාභයගේ ටීම් එක.එතන මහින්ද හිර වුණාද.?
"මේවා විහිළු.අයියා මල්ලි කතන්දර රටට අදාළ නැහැ.professionalism කියන්නේ මොනාද ,ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇමෙරිකාවේ ජීවත් වෙච්ච කෙනෙක්.ඔයා අඩු තරමේ දැනගන්න ඕනේ දියුණු රටක කොහොමද ප්‍රජාතන්ත්‍රවාදීව  කටයුතු කරන්නේ කියලා.එතකොට ස්වාධීන ජනාධිපතිවරයාට අයියා මල්ලි බාප්පාගේ පුතා කියලා අදාළ නැහැ.සියලු බලතල සහිත විධායක ජනාධිපති වරයෙක් හැටියට තීරණ ගන්නේ නැත්තේ ඇයි.අයියා  නිසාද ඒවා අපිට පිළිගන්න බැහැ."


*මෙතනින් එහාට අයියා අගමැති මල්ලි ජනාධිපති ඊළඟ  මල්ලි මුදල් ඇමති තවදුරටත් අපේ රටේ මේ පවුල් නඩත්තුව අපේ රටේ දේශපාලනය වලංගු සාධකයක් ද..?

"ඒක් අවසාන වෙලා ඉවරයි.රාජපක්ෂ පරම්පරාව මෙතනින් ඉවරයි ආයි කොහොමද ඒගොල්ලො මේ රටේ නැගිටින්නේ. මම කියන්නේ ඒක රාජපක්ෂ කියන නමින් නතර නොකර.දේශපාලඥයා කියන සියලු දෙනාට.ඉතාම හොඳ තීරණයක් මේ රටට ලබා ගන්න පුළුවන් වෙලාවක්.මේ වෙලාවේ ඔය විගණනයට සියලුදෙනා යටත් කරන එක ,ජනතා විමුක්ති පෙරමුණෙන් සාක්ෂි සහිතව ලිපිගොනු ගොඩක් එළියට ගෙනාවානේ. ඒවා ඔක්කොම නිකං බැහැර කරන්න බැහැ.මං කියන්නේ දැන් මහ පාරේ මේ ප්‍රශ්න විසඳන එක.සියලු දෙනා ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ අද මේක නවත්තන්න කියලා.ඉතුරු ටික අපි විවස්තාවේ විසඳන්නම්  ඒකයි මම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණයි සජබ අනෙකුත් පක්ෂ එකතු වෙලා තීරණය කරන්න ඕනේ මේ රටට දෙන දේශපාලනික විසඳුම් මොනාද කියල.එකට මේ රටේ විද්වතුන් සම්බන්ධ කර ගන්න ඕනේ.අපිට එක පාරටම පාර්ලිමේන්තුව ගිනි තියලා එළියෙන් ගෙනල්ලා දෙයක් කරන්න බැහැ.ජනතාව ගෙන් ලියන්නම වෙනවා දැන් මේක නවත්තන්න."


*මේ රටේ මිනිස්සුන්ට බයක් තියෙනවා කට්ටිය රටින් පනී කියලා යෝශිත රාජපක්ෂ බිරිඳත් එක්ක ගිහිල්ලා තියෙනවා, නාමල් රාජපක්ෂගේ බිරිඳ මීට කලින් සතියකට පෙරාතුව කලින් සිද්ධිය වෙලාවෙදි රටින් ගිහිල්ලා තියෙනවා.රටේ මිනිස්සුන්ට බයයි ප්‍රභූන් රටින් පනී කියන එක.?
"මම මේ රටේ ජනතාවට කියන්නේ ප්‍රභූන් මේ රටෙන් පැනපු දෙන් කියලා.හේතුව ජාත්‍යන්තර නීතියක්   තියෙනවා.ලංකාවේ ඉදිරියට පත්වන රජයක් රටේ නීත්‍යානුකූල තීරණ අරගෙන ඒඅය  බ්ලැක්ලිස්ට් කරොත් ඔයා කියන නම් සියල්ලම ජාත්‍යන්තරයත් එක්ක අපිට නීත්‍යානුකූලව විසඳ ගන්න පුළුවන්.මිනි මැරුම් සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් ,හිරකම් දේපළ වංචා  වලට ජාත්‍යන්තර නීතියක් තියෙනවා.නිසා අපි ගිහිල්ලා පාරවල් වහගෙන,flights අල්ලගෙන රටින් පනින්න දෙන්නෙ නැතිව ඉන්න මහන්සි වෙන්න ඕනෙ නැහැ.මහන්සි වෙන්න ඕන ඉතාම ඉක්මනින්ම බලවත් නීතිය ක්‍රියාත්මක කළ හැකි තාවකාලික රජයක් පිහිටුවා  අවශ්‍ය කරන  සංශෝධනයන්  සිද්ධ කරගෙන ජාත්‍යන්තරයත් එක්ක ජාත්‍යන්තර පොලිසියත් එක්ක අවශ්‍ය කරන කටයුතු කරන්න පුළුවන් නීතිමය කටයුතු සිද්ද කරන එක."


*කාල්ටන් ගෙදරත් ගිනි තිබ්බා මැදමුලනත් ගිනි තිබ්බා තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් අපේ සල්ලි වලින් හදපු අනුස්මරණ සමරුවක් ගිනි තිබ්බා.එතකොට රාජපක්ෂලාගේ  දේශපාලනය මෙතනින් සම්පුර්ණයෙන් ඉවර ද.?
"රාජපක්ෂලාගේ දේශපාලනය මෙතනින් සම්පූර්ණයි කියන එක අපි තේරුම් ගත්තේ ගිනි තියන්න ඉස්සෙල්ලා.අද මේ අර්බුදයට ඔවුන් මුහුණ දෙන අන්දම දැක්කහම දැක්කා මේක ඔවුන් විනාශය කරා තමයි යන්නේ කියලා.එනිසා බොහොම පැහැදිලි ලෙසම මම වගකීමෙන් කියනවා රාජපක්ෂලාගේ විතරක් නෙවෙයි ඒ ක්‍රමයට වැඩ කරපු අය අනිත් පක්ෂවලත් ඉන්නවා සියලු දෙනාගේ දේශපාලනය කෙළවර විය යුතුයි.නීත්‍යානුකූලව කරන්න දැන් පිළිගැනීමක් තියෙන දේශපාලනඥයෝ ටික පාර්ලිමේන්තුව ඇතුළේ අපිට ක්‍රමය හදලා හදලා දෙන්න කියලා ඉල්ලන්නේ."


*මේ වෙලාවේ සජිත් ප්‍රේමදාස අත දරුවෙක් වෙන්න හදනවා නං අනුර දිසානායක මගක් හදන්න හදනවා නම් මෛත්‍රීපාල ඉතිහාසය වෙච්ච දේවල් අමතක කරලා වීරයෙක් වෙන්න හදනවානම්,ගෝඨාභය කිව්වා මේවා මා විසින් ඇති කරපු අර්බුදයක් නෙවෙයි කියලා හරි නෙ  මේක අපි මේ පෝලිමේ ගිහිල්ලා ඇතිකරගත්ත අර්බුදයක්.ලඟ ඡන්දෙත් වෙන්නේ ඕකමයි මොකක්ද රටට දෙන පණිවිඩය.?
"දැන් වහාම වීදි සටන් නතර කරන්න. මිනිස්සුන්ව මහපාරට ඇදලා දාලා ඒ මැරකම් වලට මිනිස්සුන්ව තල්ලු කරුවා. අපිට ඒවා අනුමත කරන්න බැරි උනත්  ඒක සිද්ධ වුණා.මම කියන්නේ දැන් ඒක නවත්තන්න.හැමදේම ආවරණය වෙන විදිහට විවස්ථාව සකස් කරලා නීති සකස් කරලා ඉතිහාසයේ  වෙච්ච මේ දේ නැවත අනාගතයේ කවදාවත්  සිදු නොවන ශක්තිමත් රටක් සුරක්ෂිත කරන්න..."