putin-army-issue

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බලයෙන් නෙරපා දැමීමට රුසියන් හමුදාව කුමන්ත්‍රණයක් සැලැසුම් කර ඇති  බවත්, එම සැලැසුම් මේ වනවිටත් ක්‍රියාවට නංවා ඇති බවත් යුරේනයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වන මේජර් ජනරාල් කයිරියෝල් බුඩනෝව් පවසා ඇත.  යුක්රේන ජනරාල්වරයා මෙසේ පවසා ඇත්තේ 'ස්කයි නිවුස්" පුවත් නාළිකාව සමග එක් වී, යුක්රේන අර්බුදය  සම්බන්ධයෙන් අදහස් දක්වූ අවස්ථාවේදීය. 



එලැඹෙන අගෝස්තු මස අවසන් වන විට රුසියන් යුක්රේන අර්බුදය කිසියම් සන්ධිස්ථානයකට ළං වනු ඇති බවත්, ඒ වනවිට ජනාධිපති පුටින්ට යුක්රේනය ආක්‍රමණය කර ගැනීමට  නොහැකි වුවහොත්, රුසියන් හමුදා කුමන්ත්‍රණයෙන් ඔහුට ධුරය අහිමි වනු ඇති බවත් යුක්රේන ජනරාල්වරයා පැහැදිලි කර තිබේ. එසේ වුවහොත් රුසියාව කඩා වැටෙනු  ඇති බවත්, රුසියාව තව දුරටත් ලෝක බලවතකු නොවනු ඇති බවත් ජනරාල්වරයා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.