පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් බලහත්කාරයෙන් පැහැරගත් ජංගම දුරකතන දෙක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසා තිබේ.





අද (17) පෙරවරුවේ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ස්වර්ණවාහිණී නාලිකාවේ ප්‍රගීත් පෙරේරා මහතාගේ සහ සිරස TV නාලිකාවේ පාර්ලිමේන්තු වාර්තාකරු කසුන් සමරවීර මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් තර්ජනය කර ඔවුන්ගේ දුරකතන දෙක පැහැරගෙන තිබුණි.
රැස්වීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණෙන මන්ත්‍රීවරුන් අදාළ ජංගම දුරතකනවලින් වීඩියෝ කළායැයි මෙම පහරදීම සිදුවිය.
මෙම දුරකථන දෙක ගැන පරීක්ෂණයක් කරන ලෙසද පහරදීම කළ බවට සැකකරන  පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා ඉල්ලීමක් කළේය.
 මාධ්‍ය වේදීන් දෙන්නා මේගැන පොලිස් පැමිණිල්ලක්ද කර තිබේ.අම්පාරේ ඩී. වීරසිංහ සහ ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් දෙදෙනා
 ‘යකෝ උඹලා තමයි රට ගිනි තිබ්බේ.’ යැයි කියමින් ඔවුන් දෙදෙනාට මරණීය තර්ජන එල්ල කොට පහරදීම සිදුකර ඇති බව පැමිණිල්ලේ දැක්වේ.