polonnaruwa-manampitiya-accident

පොලොන්නරුව මනම්පිටිය කුඩාවැව ප්‍රදේශයේදී මන්ද මානසික කාන්තාවක එල්ල කළ ගල් ප්‍රහාරයකින් බේරීමට ගිය බස් රථයක් ගසක ගැටී සිදු වූ අනතුරකින් 13 දෙනකු තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කර තිබේ.



අරලගංවිල සිට ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයකට ගල් වදින බව දැනගෙන රියදුරු කලබලවී ඇති අතර එම අවස්ථාවේ අපරීක්ෂාකාරී ලෙස වේගවත්ව ධාවනය කරන්නට ගොස් බසය ගසක හැපී ඇතැයි වාර්තා විය.
බස් රථය රියදුරට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී නැවතී ඇත්තේ රථයේ සියලු අය කළඹමිනි.


අරලගංවිල ඇඟලුම් කර්මාන්ත ශාලා සේවිකාවන් දොළොස් දෙනෙකු සහ බස් රථයේ රියදුරු අනතුර නිසා තුවාල ලබා ඇත.තුවාල ලද පිරිස හා මන්ද මානසික කාන්තාවද රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.