
කලාකරුවන්ගේ විරෝධතාවය සමඟින් එක්වුණු ජනප්‍රිය නළු හර්ෂ තෙන්නකෝන් මාධ්‍ය හමුවේ අරගලය පිළිබඳ සිය අදහස් මෙසේ ප්‍රකාශ කර තිබුනා..
"මේ වේලාවේ සමස්ථ ජනතාවට ප්‍රශ්නයක් තියනවා..අපි හැමෝම භූමියෙන් ඉපදුන මිනිස්සු. අපි කලාව කරනන් පටන් ගත්තේ බිම ඉඳන්..ඉතිං බිම ඉන්න මිනිස්සුන්ගේ අමාරුකම් අපිට තේරේනවා.තව ඉස්සරහට තව කට්ටිය පාරට බහි.අපිට ඕනේ නිදහසේ කලාව කරන්න රටක්. මේ වේලාවේ සමාන්‍ය මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකම් ටිකක් තියනවා ඉෂ්ඨ කරගන්න බැරි වෙච්ච.ඒ කියන්නේ ආහාර පාන , ගෑස් වගේ අත්‍යවශ්‍ය දේවල් ටිකක් ඉෂ්ඨ කරගන්න බැරිවෙලා තියනවා..ආණ්ඩුව අරගෙන තියන මෝඩ තීරණ නිසා මේ වේලාවේ හැමෝම ඉන්නේ අමාරුවෙන් සහ සියදිවි නසගන්න තත්ත්වය පත්වෙලා තියනවා.අපි බල කරනවා ගෝඨාභය රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂට වහාම යන්න ඔගොල්ලන් හොරකම් කරපු සල්ලි ටිකත් දීලා. අරගලයට ජය වේවා.."