gota-nugegoda-pettah

එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා මැයි පළමු වැනිදා  ගෝඨාභය රාජපක්ෂගේ නුගේගොඩ තිබු පොදුජන පෙරමුණේ රැස්වීමට සහභාගී නොවු පිරිසට එදින රාත්‍රියේ පහර දුන් සැටි මෙලෙස විස්තර කර තිබුනා.



" මැයි 1 වැනිදා ගෝඨාභය රාජපක්ෂගේ නුගේගොඩ තිබුණ වෘත්තිය සමිති පොදුජන පෙරමුණේ රැස්වීමට එන්න කියලා පිටකොටුවේ ඉන්න වෙළෙන්ඳුන්ට දැනුවත් කරලා තියනවා. ඒ දැනුවත් කිරීම තුළ ගියපු නැති අය සොයා අසිමිත ලෙස පහර දීලා තියනවා. මේ රැස්වීමට ගියේ නැ කියලා තමෙයි මේ විදියට පහර දීලා තියෙන්නේ. මේවගේ පහරදීම් කරන්න කිසිම නෛයිතික අයිතියක් නැ එගොල්ලන්ට.



රැ ඇවිත් පොලු වලින් පහර දීලා තියෙන්නේ.We want gota කියලා බෝඩ් එක අල්ලන් එන්න කියලා තියනවා මැයි පළවැනිදා යන්න. ඉතිං නුගේගොඩට යන්න ආපු නැති නිසා අපේ ව්‍යාපාරිකයන්ට , එදිනෙදා හම්බ කරන් කන මිනිසුන්ට තමයි මේ පහර දීලා තියෙන්නේ. අපි ඒ ගැන ප්‍රශ්න කරන්න ආවම අපිටත් ගහන්න හැදුවා. අ

පි මේ අරගලය දියත් කරන්නේ Gota go home කියලා මිසක් We want gota කියලා නෙමෙයි. We want gota කියන උන් ගෝඨාව ගිහින් ගෙදර තියාගනිල්ලා.නමුත් එදිනෙදා හම්බ කරන් කන මිනිස්සුන්ට මේ විදියට පහර දෙනවා නම් අපිත් සූදානම් ඉලපත අතට ගන්න.එ නිසා පරිස්සමින් හිටපල්ලා."