
අද (23) දිනයේ සිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් දිවයින පුරා ඉන්ධන හල් වලට නිකුත් කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ නැව් තොග 2ක් බාගත කිරීමෙන් අනතුරුව ඉදිරි සති 06ක කාලයක් සඳහා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග පහසුවෙන් ලබාදිය හැකි බවයි.
එබැවින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලබාගන්නා පාරිභෝගියකයන් හට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලබාගැනීමට ඇති පෝලිම් වලට එක්නොවී හෙට දිනයේ සිට 95 වර්ගයේ පෙට්‍රල් ලබාගන්නා ලෙසද ඇමතිවරයා ඉල්ලා සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval