no-night-power-cut-during-olevels

සෙනසුරාදා 21, ඉරිදා 22 මෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මේ මස 23 වැනිදා සිට ජූනි මස 1 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන කාලයේ සිසුන්ගේ පහසුව සලකා විදුලි කප්පාදුවේ වෙනසක් කරන්නට හැකියාව ලැබුණ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (19) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.




ඒ අනුව මැයි 21 සිට ජුනි 01 දක්වා පස්වරු 6.00 න් පසුව විදුලිය කප්පාදු නොකරන බවට විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කර කොමිසම දන්වා ඇත.කෙසේ වෙතත් දහවල් කප්පාදුව වෙනස් වේලාවන්හි සිදුවේ.
 විභාග කොමසාරිස්තුමා සමග පැවති රැස්වීමකින් අනතුරුව මෙම තීරණ ගෙන ඇත.ජල විදුලි බලාගාර මගින් විදුලිය ජනනය කිරීම සදහා අවශ්‍ය ජලය ලබා දෙන ලෙසටද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් මහජන උපයෝගිතා කොමිසම ඉල්ලීමක් කර ඇති බවද දන්වා තිබේ.
විභාග කාලය තුලදී විදුලි කප්පාදුව සිදුවන අයුරු කාල සටහනක් මගින් හෙට දිනයේ නිකුත් කිරීමට නියමිතය.