
පසුගියදා මිරිහාන ජනපති නිවස්නය ආසන්න ඇතිවූ කලහකාරී සිදුවීමේදී බස්රථයක් ගිනි තබා අලාභ කළ පුද්ගලයා දිගු කලක් ගතවීත් පොලිසියට අල්ලාගන්නට බැරිව යාම ගැන විවේචනයට ලක්ව තිබූ පසුව අද පොලිසිය නිවේදනය කරන්නේ එම පුද්ගලයා අල්ලා ගත් බවයි.
ගංගොඩවිල ස්පෙයාර් පාර්ට් කඩයක වැඩ කරන 42 හැවිරිදි විවාහක පුද්ගලයෙකු මෙලෙස හසුවූ බවද දන්වා ඇත.
මින් ඉහත තොරතුරු පළව තිබුනේ මෙම බස් රථය ගිනි තැබුවේ ‘ඇවන්ගාර්ඩ් බිත්තර කල්ලියේ‘ පුද්ගලයෙකු බවටය. ඒ දිනවල ජනපති මාධ්‍ය නිවේදනයක දක්වා තිබුනේ අරාබි වසන්තය අනුව මතුවූ කලබලයෙන් මෙම බසය ගිනිගත් බවයි.ඒ ඔස්සේ යමින් ගින්න ඇති කළේ අරාබි වසන්ත යයිද කථා හැදිණි.
මේ කොටුකරගැන්ම සඳහා ජනතාව ලබාදුන් සහයටද පොලිසිය ස්තූති කර තිබේ. පොලිස් නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval