new-prime-minister-13-friday

කතානායක මහින්ද යාපා අබේවර්ධන අද දින ජනපති වෙත දන්වා සිටියේ හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව පවත්වා පවත්නා අර්බුදකාරී තත්වය ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් ගොඩනගන ලෙසයි.


එයට ප්‍රතිචාර ලෙස ජනපති දන්වා ඇත්තේ දැනට අගමැති ධූරයක් රටේ නැති නිසා පාර්ලිමේන්තුවෙහි වැඩි විශ්වාසය දිනාගන්නා කෙනෙකු තෝරාගෙන ඔහු අගමැති ලෙස නම් කර පාර්ලිමේන්තු කටයුතු ඇරඹිය යුතු බවකි.

ඒ අනුව දැනට එක් එක් පක්ෂ විවිධ මත අගමැති කෙනෙකු සම්බන්ධ දරන බැවින් දින දෙකක් තුළ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් කැඳවා අගමැති ලෙස නම් කරන්නට සුදුසු කෙනා එම කණ්ඩායම සමග කතා කර තීරණයක් ගෙන ලබන 13 වන සිකුරාදා උදේ වනවිට එම තීරණයද සමග පාර්ලිමේන්තුව අරඹන ලෙසයි.

මින් ඉහත පාර්ලිමේන්තුව 17 වනදාට කල්තබා තිබූ අතර ඒ අනුව ලබන 13 වනදා ඊට පෙරම පාර්ලිමේන්තු සභාවාරය අරඹනු ඇත. එහිදී කලින් කථිකා කරගත් පරිදි නම් කරන අගමැති වරයෙකු පාර්ලිමේන්තුවේ  දෙකෙන් එකට වැඩි (113) ඡන්දයකින් අනුමත කරගෙන ජනපතිට දැන්වීමෙන් පසු අගමැතිවරයාගේ දිවුරුම්දීමක් සිදුවනු ඇත. ඒ සමග අගමැතිට කැමති නව ඇමති මන්ඩලයක්ද පත් කෙරේ.

ඊයේ අගමැති මහින්ද ඉල්ලා අස්වීමෙන් පසුව ත්‍රෛනිකායික නාහිමිවරුන් වෙනුවෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්  ජනපති සමග සන්ධ්‍යා කාලයේ සාකච්ඡාවක් ලබාගෙන තිබුණ අතර එහිදී ජනපති මෙම අභිලාෂයන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබේ.


ජාත්‍යන්තර දැනුමක් ඇති කාගෙත් කැමැත්ත දිනාගත හැකි නිර්පාක්ෂික අගමැති වරයෙකු පත්කරගන්නා ලෙසත් ඇමති ධූර 15 කට සීමා කරන ලෙසත් එම 15 දෙනාට දැනුමැති බාහිර උපදේශක කන්ඩායම් 15 ක් අනුයුක්ත කරන ලෙසත් ඒ හිමියන් උපදෙස් දුන් බව කී අතර ජනපති එම යෝජනාවන් අගය කළබවත් දන්වා ඇත.