helicopter-rajapaksa-police-class

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ  අද (10) උදෑසන අරලියගහ මන්දිරයේ සිට විජේරාම පාරේ නිවසට පැමිණීමෙන් අනතුරුව සිය නිවසේ සිටි ශිරන්ති මහත්මියත් එක් පුතෙකු හා එම බිරියත් සමග නැගෙනහිර පළාතේ ත්‍රීකුණාමල හමුදා කඳවුරේ නිල නිවස වෙත ගිය බවට සමාජ මාධ්‍ය ආරංචි හෙළි කර තිබේ.
තිඹිරිගස්යාය පොලිස් පාර්ක් පිටියට ගෙන්වාගත් හෙළිකොප්ටර කිහිපයකින් මෙම කන්ඩායම හා ආරක්ෂකයින් ත්‍රීකුණාමලය වෙත ගිය බව පැවසෙන අතර තිඹිරිගස්යාය පොලිස් පාර්ක් පිටිය යාබදව සිට ලබාගත් වීඩියෝ සාක්ෂියක් මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබේ.


දුර සිට ලබාගත් දර්ශන අපැහැදිලි මුත් එහි මුලින් වැඩිහිටි දෙන්නෙකු නැග වාඩිවන අයුරුත් අනෙක් පස දොරවෙත පැමිණ තරුණ කාන්තාවන් දෙන්නෙකු වාඩිවන අයුරුත් දැක්වේ. මෙම එක් කාන්තාවක මහින්ද බාල පුත් රෝහිතගේ බිරිය ටට්යානා යයි අනුමාන කෙරේ. අද වනවිට නාමල්ගේ බිරිය ලිමිණි දරුවාද සමග ඩුබායි වෙත ගොස් සිටින අතර යෝෂිත හා බිරියද දිනකට පෙර සිංගප්පූරුව වෙත ගිය බවට වාර්තා විය. ඒ අනුව පවුලේ ඉතිරිව සිටින අය වන්නේ රෝහිත - ටට්යානා හා නාමල්ය.
මේ අතර අද දින ත්‍රීකුණාමල නාවික කඳුවරු අසල මහින්දට එරෙහි විරෝධතාවයක්ද පැවැත්වෙන බවට ආරංචි පළවේ. ඔවුන් සැකකරන්නේ මහින්ද රැඳී සිටින්නේ එහි බවය.
තවත් ආරංචියකින් පැවසෙන්නේ විශේෂ හෙල්කොප්ටර යානයකින් කටුනායකහෝ රත්මලාන වෙත මහින්ද රාජපක්ෂ පවුලේ අය පැමිණ අනතුරුව පුද්ගලික ජෙට් යානයකින් විදෙස්ගතවීමේ සූදානමක් පවතින බවයි.