
ඒ අනුව මේ පිළිබඳව සොයා බැලීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කුරුණෑගල ප්‍රාදේශීය නිලධාරීන් කුරුණෑගල, නාරම්මල ප්‍රදේශයට යවා ඇති බව අමාත්‍ය කාංචන විජේසේකරද Twitter පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.
ඉන්ධන රැගෙන පැමිණි බවුසරයෙන් ඉන්ධන තොගය අදාළ පිරවුම්හලට ගොඩබෑමට පෙර කළමනාකාරිත්වය විසින් එම ඉන්ධන පරික්ෂා කිරීමේදී මේ බව හෙළි වී ඇතැයි පවසා තිබේ.
ඉන්ධන පිරවුම්හලේ කලමණාකාරීත්වය විසින් ඉන්ධන බවුසරය ගොඩබෑම ප්‍රතික්ෂේප කළ බවද කියැවිණි.
නාරම්මල නගරයේ තිබෙන ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල්වලට වතුර මිශ්‍ර කර තිබෙන බව පවසමින් එම පිරුවුම්හලෙන් පෙට්‍රල් ලබාගත් පුද්ගලයෙක් පළ කළ වීඩියෝව මෙසේය.
"නාරම්මල නගරයේ මැද තිබෙන ඉන්ධන පිරුවුම්හලේ දැන් ඇවිත් තියනවා පෙට්‍රල් බවුසරයක්.නමුත් මෙකේ ඉන්න අය මේක චෙක් කලා ටැංකි වලට බාන්න ඉස්සෙල්ලා.මෙතන ලොකු පෝලිම් තිබ්බා පෙට්‍රල් ගහන්න. නමුත් මෙකේ තනිකරම වැඩි ප්‍රමාණයක් තියෙන්නේ වතුර.
මේ තියෙන්නේ සාම්පල් එක.ඉතිං මේ බවුසරයේ ඉන්න රියදුරුටවත්,මේ සේවකයින්ටවත් චෝදනා එල්ල කරන්න බැ. දැන් මේක මෙහෙම්ම බලලා රිජෙක්ට් කරලා තියෙන්නේ පෙට්‍රොලියම් එකෙන් ඇවිත් මේකට පිළියමක් ගන්නකන්. අපි මේක ගැන කිව්වේ මිනිස්සුන්ව දැනුවත් කරන්න..මෙහෙම ලොකු කරදරකාරී තත්ත්වයක් තියෙද්දීත් මේ එන ඉන්ධන වල ප්‍රමිතිය ගැන ලොකු ප්‍රශ්නයක් තියනවා. අමාරුවේ වැටෙන්නේ අපි. ඇත්තටම මේක චෙක් කලේ නැත්තම් මේ වෙද්දී වාහන බාර ගානක් ඩැමේජ් වෙලා. මේක මේ නාරංමල ෂේඩ් එකට බෑවේ නැ. නමුත් ආරංචියේ හැටියට මඟ තියන ෂේඩ් දෙකකට වගේ ප්‍රමාණයකට ඉන්ධන බාලා තියනවා. ඒ ෂෙඩ් වල අය චෙක් කරලා නැති හින්දා."