
රජයට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් ඊයේ (5) සවස බත්තරමුල්ල දියත උයන අසල පොල්දූව හන්දියේදී අවසන් වූයේ පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමඟිනි.
නොසන්සුන්කාරී තත්ත්වය තුළ පොලිසිය පෙර සූදානම් කළ විශේෂ කඳුළු ගෑස් කැනිස්ටර පිරිස වෙත දමා ගැසූ අතර ඒවා අහුලා විසිකරන්නට නොහැකි වන ලෙස උඩදිම පුපුරා යන ලෙස සැකසූ ඒවා විය.
මේ හේතුවෙන් පිරිසට එම ප්‍රහාරයට පසු අහුලා ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට බැරි විය.
මෙම කඳුළු ගෑස් ප්‍රහාරය වෙනදාට වඩා වෙනස් මුහුනුණුවරක් ගත් අතර වර්ෂාවක් ලෙස එකපිට එක විශාල ප්‍රමාණයක් පිරිස වෙත දමා ගැසිණි. මේ හේතුවෙන් උද්ඝෝෂකයින්ට එම ප්‍රහාරයෙන් බේරී සිටීම අසීරු විය. ඔවුන් අධික අපහසුතාවන්ට ලක්වූ අතර ඇතැම් අය ඇදවැටුණ බවටද වීඩියෝ වාර්තා පළව තිබේ.
මේ ආකාර විරෝධයක් මෙම සතියේ සිදුවිය හැකි බවට ලැබී තිබුණ තොරතුරු නිසා පොලිසිය ජීඅයි බට යොදාගෙන ිවහේෂ වැටක් සවිකලේ මීට දින කිහිපයකට පෙර සිටයි.
පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීම සඳහා හන්දියේ ඉදිකර ඇති බාධකයෙන් ඉදිරියට යාමට උත්සාහ කළ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය මේ ආකාර කඳුළු ගෑස් ප්‍රහාරයක් දියත් කර ඇත්තේද පූර්ව සූදානමක් ඇතිව බව පෙනී යයි.
කඳුළු ගෑස් භාවිතා කරන විට බරපතල සදාකාලික තුවාල හෝ මරණයේ අවදානම පවතින බව සෞඛ්‍ය වාර්තා පෙන්වාදෙයි. කඳුළු ගෑස් කැනිස්ටර් මගින් පහර දීමෙන් දැඩි තැලීම්, ඇස් පෙනීම නැතිවීම හෝ හිස් කබල කැඩීම, ක්ෂණික මරණයට හේතු විය හැකි අවදානම් ඇතුළත් වේ.
වායුව සාමාන්‍යයෙන් සුළු සමේ දැවිල්ලට සීමා වන නමුත්, ප්‍රමාද වූ සංකූලතා ඇති විය හැකිය. ඇදුම වැනි පූර්ව ශ්වසන රෝග ඇති පුද්ගලයින් විශේෂයෙන් අවදානමට ලක් වේ. අක්ෂි තුවාල හේතුවෙන් දෘශ්‍ය තීව්‍රතාවය ස්ථිර නැති වීම මෙන්ම සෘජු නිරාවරණය වීම ශ්වසන රෝග ඇතිවීමේ අවදානම වැඩි කරයි.
පෝට්ලන්ඩ් හි 2020 විරෝධතා අතරතුර හා 2019-20 චිලී විරෝධතා වලදී කඳුළු ගෑස් අත්බෝම්බවල බලපෑම හේතුවෙන් විවිධ පුද්ගලයින්ට ඇස් එකක හෝ දෙකේ පෙනීම සම්පූර්ණයෙන් සහ ස්ථිරවම අහිමි වූ බවට මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.
කෙසේ වෙතත් ඊයේ පොල්දූව හන්දියේදී කඳුළු ගෑස් කෑ පිරිස පැරදී ළා නොගිය අතර ඔවුන් රාත්‍රියේ එම ස්ථානයට යළි පැමිණ ‘හොරු ගෝගම‘ පිහිටවූ අතර ඒ සඳහා අට්ටාල සදාගත්තේද පොලිසිය යෙදූ ජීඅයි බට ගලවා ගෙන සකස් කිරීමෙනි.