
වර්තමානයේ ආර්ථික සහ සමාජීය ගැටුම්කාරී වාතාවරණයට ව්‍යවස්ථාවෙන් ලබා දිය හැකි විසදුම ලෙස අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී බහුතර එකගතාවයෙන් නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවසන් කැබිනට් රැස්වීමේදී තීන්දු කළ බව ජනමාධ්‍ය ඇමති හා කැබිනට් ප්‍රකාශක නාලක ගොඩහේවා මහතා පැවසීය.
ඇමති මන්ඩලයම ඉවත්වී යාමට පහසුම ක්‍රමය අගමැති ඉල්ලා අස්විම බැවින් මෙම තීන්දුව ගත් බවත් ජනපති අගමැතිට යන්න කීවා.. ඒ දෙන්න අතර ගැටුමක්.. වැනි කතා අසත්‍ය බවත් ඔහු කීය.
මේ අනුව අගමැතිගේ ඉවත්වීම සඳුදා හෝ ඒ ආසන්න දිනක සිදුකරනු ඇතිබව ඔහු තහවුරු කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශ්වාසය මත නව අග්‍රමාත්‍යවරයෙකු තේරීපත්වනු ඇති බවත් මෙය ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍යවරයා හා කැබිනට් මණ්ඩයේ සාමුහික තීරණයන් බවත් ඔහු පැහැදිලි කළේය.
Video Below
Comments
Post a Comment
Your comment will be visible after approval