kerala-ganja-arrested-gonawala

පොලිස් මන්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 21 වන සෙනසුරාදා සවස් කාලයේ සපුගස්කන්ද පොලිස් වසමේදී සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් නීති විරෝධී ලෙස ජාවාරම් කිරීම සදහා මෙරටට ගෙන්වා සඟවා තිබූ කේරළ ගංජා අඩංගු ඇසුරුම් 219 ක් සපුගස්කන්ද පොලිස් වසමේ ගෝනවල ප්‍රදේශයේදී

අත්අඩංගුවට ගන්නා ලදී.


මෙම ක්රළ ගංජා ප්‍රමාණය බරින් කිලෝ ග්‍රෑම් 450 කට අධික විය හැකි බව විමර්ශන නිලධාරීන් විසින් සැකකරනු ලබයි. මෙම කේරළ ගංජා තොගය සමඟ බදුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක කාන්තාවක් සහ ගෝනවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
තවද මෙම ක්රළ ගංජා තොගය ප්‍රවාහනය කිරීමට භාවිතා කල බවට සැකකරන ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් සහ මෝටර් රථයක්ද මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් භාරයට ගෙන ඇත. පොලිස් මන්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.