
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් කරණම් ශුරයින් එංගලන්තයේ නෙතර්වොන් (Netheravon) හී එංගලන්ත හමුදා පැරෂුට් සංගමයේ (British Army Parachute Association) පැරෂුට් පථයේ පවා ශ්‍රී ලංකා නාමය බබලවමින් රන් පදක්කම් දිනාගැනීමට සමත්වූ පිරිසකි.
අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පැවති පැරෂුට් පුහුණු සැසියකදී මෙරට ප්‍රථම වරට පැරෂුට් (canopies) 11 ක් උඩු ගුවනේ එක පෙළට පෙළගස්වමින් පැරෂුට් සංදර්ශන ඉදිරිපත්කරමින් ඔවුන් තවත් දස්කමක් පෙන්වා ඇත.
මෙම පැරෂුට් කණ්ඩායමට කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, කර්නල් සුමල් වික්‍රමසේකර, මේජර් ඒ.ඒ.එන් අධිකාරි, මේජර් වයි.එම්.එන් කුලතුංග, මේජර් ඩබ්ලිව්.පී සඳරුවන්, බළලත් නිලධාරි II අයි.පී.ඩී.එන්. සේනාරත්න, මාණ්ඩලික සැරයන් අයි. ජී. ඒ සමන් කුමාර, මාණ්ඩලික සැරයන් ආර්.ඩී.ඩී ගුණවර්ධන, සැරයන් එස්. ආර්. එන්. කැලුම්, සැරයන් එල්.ආර්.එන් බණ්ඩාර සහ කෝප්‍රල් බී. ඒ. පී. ජේ. පී. බණ්ඩාර යන නිලධාරින් සහ කොමිෂන් නොලත් නිලධාරින් සහභාගී වූහ.

.jpg)





Comments
Post a Comment
Your comment will be visible after approval