
විරෝධතාකරුවන් විසින් විනාශයට පත් කළ නිවෙස් තුළ තිබී ගෑස් සිලින්ඩර්, රසායනික පොහොර,ඩීසල්, පරිප්පු තොගපිටින් සොයාගෙන ඇතැයි මේ වනවිට වාර්තා වේ.
චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහීපාල හේරත්, තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රා සභාපති අචල නිමන්ත යන අයගේ නිවෙස්වලින් සොයාගත් තොග ජනතාව කොල්ලකා අන් අයට බෙදා රොබින් හුඩ් මෙහෙයුමක් ක්‍රියාත්මකකර ඇති බවද වාර්තාවේ.
කුරුණෑගල ප්‍රදේශයේ දී විරොධතාකරුවන් ගිනි තබා විනාශ කළ ජොන්ස්ටන්ගේ තුෂාර සංජීවගේ හා අචල නිමන්ත යන අයගේ නිවෙස්වල තිබී කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩර 140ක් පමණ හමුව ඇත.
ජොන්ස්ටන් ප්‍රනාන්දු සතුව කුරුණෑගල වැව පාරේ නිවෙසේ ලාෆ් ගෑස් සිලින්ඩර අසූවකට වැඩි සංඛ්‍යාවක් රඳවා තිබී ඇත.
තිස්සමහරාම කිරින්ද මාගම පිහිටි චමල් රාජපක්ෂට අයත් නිවසෙහිගබඩාවක සඟවා තිබූ යූරියා පොහොර මිටි 300ක්, ඩීසල් ලීටර් 3000ක්, වී මිටි 200ක තොගයක් සහ රතු පරිප්පු තොගයක් ප්‍රදේශයේ ජනතාවට බෙදා දීමට විරෝධතාකරුවන් පියවරගෙන ඇති අතර පසුව එම නිවසට ගිනිතබා විනාශකර තිබේ.
මහීපාල හේරත්ට අයත් දිඹුලාගල බඳනාගල පිහිටි ගොවිපළේ පිහිටි ගබඩාවක යූරියා පෝර මිටි හාරසියයකට ආසන්න ප්‍රමාණයක් සහ තවත් රසායනික පෝර මිටි තොගයක් තිබී ඇති අතර ඒවා ගොවීන්ට බෙදාදී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval