independent-group-parliament

අද (5)  දින පාර්ලිමේන්තුවට පැමිණ සිටින මන්ත්‍රීවරුන් ප්‍රමාණය 218 ක්වූ අතර එය ‌බෙදී ගොස් තිබුනේ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් 117ක් ලෙසත්, විපක්ෂයට මන්ත්‍රීවරුන් 65ක් ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස 36 දෙනකු ලෙසත්ය.




එයින් විපක්ෂයේ ඡන්ද 65ම ඉමිටියාස් බාකිර් මාකර් ජයගත් අතර ආන්ඩුව සමග හිතහොඳ නැතැයි කියමින් ස්වාධීන බවට රටට හඩගෑ අනෙක් අය අතරින් 31 දෙනෙකුම ආණ්ඩුව හා එක්වෙමින්ම සියඹලාපිටිය ඉදිරියේ ඡන්දය සලකුණු කර තිබේ.
සියඹලාපිටිය මහතා ස්වාධීන යයි කියාගත් පිලක් නියෝජනය කළද ඔවුන් කතිකාකරගෙන ඔහු ආන්ඩුවේ ඉත්තෙකු ලෙස තනතුරු අතහැර යළි තනතුරු ලබාගනිමින් රංගනයක නිරතවූයේ විශ්වාසභංගයට පෙර උපායක් ලෙසිනි.
‘නියෝජ්‍ය කතානායක‘ යන තනතුර මෙතැනදී එතරම් වැදගත් තනතුරක් නොවෙතත් විශාල ජන අරගලයක් යන අතරවාරයේ ආණ්ඩුවට විරෝධයක් පවතිද්දී විරෝධතාව පාවාදෙමින් ස්වාධීන කන්ඩායම කටයුතු කර ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.



විශ්වාසභංගයට පෙර ආණ්ඩුවේ ශක්තිය උරගෑමක් ලෙස පැවති නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්දයට පෙර ශ්‍රිලනිප 14 ත් විමල් ඇතුලු 16 කණ්ඩායමත් ස්වාධීනවූ අනෙක් අයත් බැසිල් ඇතුලු ආණ්ඩු පක්ෂය සමග සාකච්ඡා පවත්වා තිබුනේ සභාග පාලනයක් ගොඩනගන්නටය.
මේ නිසා දැන් සැකයක් මතුවන්නේ සභාග පාලනයේ තනතුරු ලැබීම් හා සාපේක්ෂව මෙම ඡන්ද විමසීමේ පක්ෂපාතිත්වය තීන්දුවී ඇති බවකි.
ඉලෙක්ට්‍රොනික ක්‍රමයට නම ඉදිරියේ ඡන්ද ලබාදීම පවත්වන්නට පහසුකම තිබියදීත් විශාල වේලාවක් මිඩංගු කරමින් කතානායකවරයා ඡන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පවත්වන්නේද ජනතාව ඉදිරියේ කවුරු ඡන්දය දුන්නාද යන්න හෙළිවීම ඉදිරියට ප්‍රශ්න මතුවිය හැකි බවට ලැබෙන උපදෙස් නිසා බවද පෙන්නුම් කරයි.
මෙම ඡන්ද විමසීමට විමල් වීරවංශ නොපැමිණීමද කැපී පෙනෙයි.