DRUG-ISSUES-PHARMACY

ලංකාවේ කිසිදු ඖෂධ සැලකට ඖෂධ සැඟවූවා කියා ලාභයක් නොමැති බවත්, වෛද්‍ය සංගමයක් විසින් ඖෂධ වෙළෙඳ සැල් හිමින් ඖෂධ සඟවා ඇතැයි නගන චෝදනාව අසත්‍යක් බවත් සමස්ත ලංකා ඖෂධ හිමියන්ගේ සංගමයේක්සභාපති චන්දික ගන්කන්ද මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (04දා) රත්නපුරයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දික ගන්කන්ද මහතා,



"වෛද්‍ය නිලධාරින්ගේ සංසදය බරපතළ චෝදනාවක් එල්ල කර තිබෙනවා ඖෂධ හිමියන් විසින් ඖෂධ සඟවා තිබෙනවා කියා. එය අද මාධ්‍යවල පළවී තිබෙනවා. මෙය සම්පුර්ණයෙන් අසත්‍යක්. කිසිදු ඖෂධ සැලක් එලෙස කර නැති බව මට වගකීමෙන් කියන්න පුළුවන්. ඖෂධ ශාලා හිමියන්ට ඖෂධ විකිණීමට හැකියාව ඇත්තේ එම බෙහෙත් පැකට්ටුවල සමාගම් විසින් සඳහන් කළ මිලට පමණයි. මේ නිසා ඖෂධ සැල් හිමියන්ට ඖෂධ සඟවා අතිරේක ලාභයක් ලබන්න හැකියාවක් නැහැ.

වෛද්‍ය සංසදය කරන වගකීම් විරහිත ප්‍රකාශය හෙළා දකිනවා. තෝරු මෝරු ඉදි විශාල සේවයක් කරන රට වටා ෆාමසි හිමියන්ට චෝදනා කිර්ම වැරදියි. එමගින් වන්නේ මේ අවස්ථාවේදී සැබෑ ප්‍රශ්නය යට යෑම. රජයේ ඔෂධ බෙදාහරින එස්.පී.සී. ආයතනයටත් ඔෂධ හිඟයි. රජයේ රෝහල්වලත් ඖෂධ හිඟයක් තිබෙනවා. ඒත් අපිට හැoගුවේ කියලා අහන්න කැමතියි. සඟවා ඇති එකම ඖෂධයක් හරී තිබේ නම් පෙන්වන්න කියා මා අභියෝගයක් කරනවා. ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා ඖෂධ ශාලා නික්ෂණය කළා. ඔවුන් එහිදී දැක්කා ඖෂධ හිඟයක් තිබෙන බව.|

ඖෂධ බහාලුමක් සත අසුවේ සිට රුපියල් දෙකයි පනහ තෙක් මේ වන විට වැඩිවෙලා. විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක වන්නේ ඉන්ධනවලින්. ඒවායේ මිල වැඩිවෙලා. සේවක වැටුප් වැඩි කරන්න වෙලා.

මෙවැනි තත්ත්වයක් යටතේ වැඩ කරන ඖෂධ සැල් හිමියන්ට අසත්‍ය චෝදනා කිරීම වැරදියි. ඖෂධ ආනයනකරුවන් තමයි අපේ ලාභය තීරණය කරන්නේ. අපි ගැන නොහිතුවහොත් මෙයින් අපි ඉවත් වුවහොත් ඇතිවන තත්ත්ව ය කුමක්ද. වෙළෙඳ නාමයෙන් තොරව ඖෂධ නාමයෙන් පමණක් බෙහෙත් ලියන්න කියා අපි යෝජනා කරනවා.

මේ අවස්ථාවේදී පවතින ඖෂධ හිඟයට පිළියමක් ලෙස. ඒවාගේම අත්‍යවශ්‍ය ඖෂධ පමණක් රටට ගෙවන්න. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඖෂධ මිල ඉහළ යාම සිදුවිය යුතු බව ආනයනික සමාගම් සඳහන් කරනවා. මේ නිසා ඖෂධ හිඟයට පිළියම් ලෙස මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙසද අපිරජයට යෝජනා කර තිබෙනවා” යනුවෙන් පැවසීය.

(රත්නපුර - ලසන්ත නිරෝෂණ පෙරේරා)