humaria-asgar-tik-tok

පාකිස්තානයේ ජනප්‍රිය ටික් ටොක් තාරකාවක් වන හුමාරියා අස්ඝාර් පසුගියදා නිර්මාණය කළ සිය වීඩියෝවක් සදහා වනාන්තර ගිනි තැබීමක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී තිබේ. අද වනවීට ඇය සතුව ටික්-ටොක් අනුගාමිකයන් මිලියන 11කට අධික සංඛ්‍යාවක් සිටියි.

"මම ඉන්නා ඕනෑම තැනක ගින්නක් ඇති වෙනවා" යන තේමාවෙන් ඇය මෙම වීඩියෝව සකස් කර ඇති අතර,

එහිදී ඇය රිදි පාට ගවුමකින් සැරසී ඇවිදගෙන යදී පිටුපසින් කදු වැටියක් ගිනිගන්නා ආකාරය දැක්වෙයි. කෙසේ වෙතත් මේ වනවිට පාකිස්තානය තුළ හටගෙන ඇති අධික උණුසුම් දේශගුණික තත්වය සහ එම තත්ත්වය තවත් දරුණු කරමින්, ඇය සිය වීඩියෝවක් වෙනුවෙන් වනාන්තරයක් ගිනි තැබීම ගැන මෙලෙස චෝදනා එල්ල වී තිබේ.

කෙසේ වෙතත් පසුව නිවේදනයක් නිකුත් කර ඇති අස්ඝෝර් තමන් මෙම ගින්න ඇති නොකළ බවත්, මින් කිසිවකුටවත් හානියක් සිදුනොවුණු බවත් ප්‍රකාශ කර තිබේ. මේ අතර පාකිස්තානයේ අබ්බොටාබාද්හි වෙසෙන පුද්ගලයෙකු සිතාමතාම වනාන්තරයක ගින්නක් ඇති කළ බවට වන චෝදනාව යටතේ පසුගියදා අත්අඩංගුවට ගැනීමක්ද සිදුවිය. පසුගිය දිනවලදී පාකිස්තානයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 51කටත් වඩා ඉහළ අගයකට පත්විය.