
වැලිගම මිරිස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුවී ගසාගෙන යමින් සිටි විදේශීය සංචාරකයන් තිදෙනකුගේ ජීවිත බේරාගැනීමට හැකි වූ බව මිරිස්ස සංචාරක පොලීසිය කියයි.
වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සංචාරයේ නිරත රුසියානු ජාතික සංචාරකයන් තිදෙනෙකු ඉකුත් 7 වැනිදා පස්වරුවේදී මිරිස්ස සංචාරක පොලීසිය ඉදිරිපිට වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුවී සිටියදී වෙරළ තීරයේ රාජකාරියේ නිරතව සිටි පිරිස සංචාරක පොලිසියේ නිලධාරීන් හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම සිද්ධිය දැක තිබේ. අනතුරුව අනතුරට පත් සංචාරකයන් තිදෙනා බේරාගැනීමට අවශ්‍ය කටයුතු එම නිලධාරින් ගෙන තිබිණි.
එහිදී රුසියා ජාතික 29, 30, 30 වයසේ පසුවන කාන්තාවක සහ පිරිමින් දෙදෙනකුගේ දිවි බේරා ගැනීමට එම නිලධාරීහු සමත්වූහ. ඒ සඳහා මිරිස්ස සංචාරක පොලිසියේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජී. සේනසිරි මහතාගේ උපදෙස් හා නියෝග පරිදි පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරින් වන පොලිස් කොස්තාපල් (59416) ජී ජී. අජන්ත කුමාර සහ (68862) එල්.එච්.එන්. චමින්ද ප්‍රියකමල් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මිරිස්ස කඳවුරේ නිලධාරින් වන නායක නැවි ඩබ්ලිව්.ආර්. පද්මතිලක මහතා, නායක නැවි බී.සී.පී. විමලරත්න යන නිලධාරිහු කටයුතු කළහ.
තරංග ගුණරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval