
තමා ස්වාධීන වූ බවට පැතිරෙන කතා මගින් තමා කියූ දෙයක් වැරදි අර්ථ නිරූපනයක් සිද්ධවී ඇති බව අද (12) දහවල් ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු කියා සිටියේය.
තමාගේ මතය මේ අවස්ථාවේ සජිත් හෝ අනුර කුමාර මේ රට ලබාගෙන කළ යුතු බවද ඔහු කීය. රජයක් ලෙස භාර අරගෙන අභියෝගය භාරගන්න යන මතයේ තමා සිටින නමුත් එසේ නොවන්නේ නම් පමණක් තමන් නිර්පාක්ෂික වන බව කියා සිටි මුත් මාධ්‍ය ඔස්සේ පළවූයේ දැනටමත් තමා ස්වාධීන වූ බවක් යයිද එය වැරදි යයිද හරින් කීය. එබැවින් තවම කිසිවක් සිදුව නැති බවත් අද දවසේ ලබාගන්නා තීරණ අනුව විපක්ෂ නායකවරයා අගමැති ධූරය භාරගනී යන විශ්වාසයේ තමා සිටින බවත් ඔහු කියයි.
Comments
Post a Comment
Your comment will be visible after approval