
පසුගිය දින වල ගාලු මුවදොර ඇතිවූ ප්‍රති අරගලකාරී තත්වය සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක් සමඟ අදහස් පළ කළ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා මෙලෙස ප්‍රකාශ කර සිටියේය.
ගාලු මුවදොර පිටිය පමණක් නෙවෙයි මුළු ලංකාවම පුරාම මේ අදහස් කැටි වෙමින් තිබෙනවා. අන්න ඒ අර්ථයෙන් තමයි මං මේ කියන්නෙ මේක එතන තමයි මම හිතන්නේ මේක රාජපක්ෂලා වරද්ද ගත්තෙ මෙතනයි. රාජපක්ෂලා සමහරක් විට මෙහෙම කරන්න ඇත්තේ පාගල දැම්මහම මේක ඉවරයි කියලා හිතලා වෙන්න ඇති. එහෙම නෙමෙයි වෙන්නේ. මේක මුළු රටේ ගැඹුරු ලෙස ක්‍රමානුකූලවම මේ අභිලාෂය තියනවා. දැන් එකට භාෂාව මිනිස්සු හොයමින් ඉන්නවා. ඒක වෙමින් පවතිනවා. ඒකනෙ අරගලයක ගතිකත්වය.
මෙතන තියන සාකච්ඡා ,සමාජ මාධ්‍ය බැලුවම ගොඩක් අපිට පේනවා දිනෙන් දින දවසින් දවස අර භාෂාව නිර්මාණය වෙමින් පවතිනවා කියලා. මම කියන්නේ ඒ අර්ථය මේ ලංකාවේ පළවෙනි නිදහස් අරගලය කියන්න පුළුවන්.. අපි ඉල්ලන්නේ සමහර වමේ පක්ෂ හිතන විදියට මැතිවරණයක් කරලා මේ තියෙන තත්ත්වයන් ඇතුලේ පාර්ලිමේන්තුවක් නැවත ගොඩනැගීම නෙමෙයි.. එහෙම කරන්න බැරි වෙයි. එහෙම කිරීමට එකඟ නැති වෙයි. මේ අදහස් කරන්නේ දේශපාලන පර්යාය මාරු කරන්න ඕනේ කියලා. ඒකයි අර පාර්ලිමේන්තුව එපා කියන එකේ තේරුම මේ තිබිච්ච සම්පූර්ණ මේකේ ඇතුළේ තිබිච්ච මහජන නියෝජිතයන් නැතිකම සම්පූර්ණයෙන් ඒ ප්‍රශ්නය, ඒ වෙනුවට ජනතාව සහ නියෝජිතයෝ ඉන්න ඒවත් එක්ක සම්බන්ධ වෙච්ච දේශපාලන පර්යායක් ඉල්ලන්නේ. එතකොට එකට සරල ප්‍රතිසංස්කරණ හරියන්නේ නැහැ. අපි දකිනවා ලැයිස්තු ගණන් එනවා මෙන්න මෙහෙමයි මෙහෙමයි වෙන්න ඕනේ මෙහෙමයි නියෝජිත ඉන්න ඕනේ මෙහෙමයි මැතිවරණ පවත්වන්න ඕනෙ, ඒගොල්ලොන්ගෙ වරප්‍රසාද තියෙන්න බෑ.
ඇත්තවශයෙන්ම මුළු ඉතිහාසයෙන් පුරා පහුගිය අවුරුදු තිහ හතළිහක් පුරා පාර්ලිමේන්තුව තිබුණේ යන මිනිස්සු තමන්ගෙ වරප්‍රසාද ගොඩනගාගන්න තැනක් විදියට..
මහජන දේපල ගසා ගැනීමේ ක්‍රමය නීත්‍යානුකූලව නැත්නම් වඩා ඒකට ක්‍රමය හොයන ක්‍රමයක් විදියට.. මම හිතන්නේ ඒ තදින්ම මේ සම්පූර්ණ දේශපාලන පර්යාය ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙමෙයි සමාජ පරිවර්තනයක් ඒකට අයිති දේවල් මම ඒකයි කිව්වේ භාෂාව නැහැ කියලා.. ඒකට එහෙම නම් හෙවීම හොයන්න කිව්වොත් අධ්‍යාපනය ගැඹුරු ප්‍රතිසංස්කරණය වෙන්න වෙනවා. මාධ්‍ය ගැඹුරින් ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ ආගමික සමාජ ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. ඔය ඉල්ලීම් අපි හරියටම භාෂාවට දැම්මොත් එන්න ඔය භූමින් හතර ඔය භූමින් හතර තමයි සමාජ විඥානය සකස් කරන්නේ.. අධ්‍යාපනය, කලාව ,මාධ්‍ය සහ ආගම.. ඔය දේශපාලනය නෙමෙයි. එතකොට ඒ මහජන විඥානය සකස් වීමේ මුළු සංස්කෘතික බල ප්‍රදේශ කියලා.. ඒකට කියන්නේ අපේ මනස සංස්කරණය කරන හැටි එක අපේ අතට ගන්න ඕන කියලා මිනිස්සු තාම කියන්නේ නෑ.. අභිලාෂය තියෙනවා. ඔන්න ඕක තමයි මට කෙටියෙන් කියන්න තියෙන්නේ.
Comments
Post a Comment
Your comment will be visible after approval