habaraduwa-incident-well-slip-1dead

හබරාදුව, හරුමල්ගොඩ, ඛෙත්තාරාම විහාරස්ථානය අසල ළිඳක දිය නෑමට ගිය පාසල් සිසුන් හතර දෙනෙකු ළිං ගැට්ට මත වාඩිවී සිටියදී එය කඩා වැටීම නිසා අද (03) සවස ළිඳට වැටී තිබේ.

ප්‍රදේශවාසීන් එක්වී ඔවුන් බේරාගන්න උත්සාහ කර තිබෙන අතර තිදෙනෙකු බේරාගෙන ඇති අතර එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා විය.



මෙම සිසුන් නෑමට පැමිණ ළිං බැම්ම මත වාඩි වී සිටියදී එක් වරම බැම්ම කඩාගෙන ළිඳට වැටී ඇති අතර සිද්ධිය දැන ගත් ප්‍රදේශ වාසීන් පිරිසක් පැමිණ තිදෙනෙකු බේරාගෙන ගොඩට ගෙන ඇතත්, එක් අයෙකු සොයා ගැනීමට නොහැකි වී තිබිණි.
පසුව ප්‍රදේශ වාසීන් එක්ව ළිඳ හිස්කර ළිං පතුලේ සිරවී සිටි දරුවා ගොඩට ගෙන රෝහල්ගත කර ඇතත් ඒ වන විට ඔහු මියගොස් සිටි බව පොලිසිය පවසයි.

හබරාදුව පොලිසිය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.