
කාබනික වගාව සම්බන්ධ ආන්දෝලනාත්මක තීරණ සම්බන්ධයෙන් කථාබහට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි මාධ්‍ය අමතා මෙසේ තම අදහස් පළකර තිබුණි.
''පාරේ කෙරෙන අරගලයත් පාර්ලිමේන්තුව තුල වනඅරගලයත් විවිධ මට්ටමින් කරන අරගලය අර්ථවත් කරගන්න බැරි උනෝත් අපිට රට විශාල ඛේදවාචකයකට යනවා.මේ අවසාන ප්‍රතිඵලය යටත් විජිතයක් වහල් කොළණියක් බවට මේ පුංචි දූපත පත් වෙනවා.මේකෙන් ගැලවෙන්න නම් අපිකල යුතු පළවෙනි දේ තමයි වසරක සැලසුමකට අනුව හැම ගෙවත්තක්ම වගා කිරීමේ ජාතික වැඩ පිළිවෙළකට අනුව ගමන් කරන එක පළවෙනි දේ මිනිස්සුන්ගේ ආහාරය.
කන්න ටික නැත්තම් මිනිස්සු සම්පුර්ණයෙන්ම අන්ත අසරණ තත්වයට පත්වෙනවා.හොරකම් වැඩිවේවි,ගෙවල් බිඳිම් වැඩිවේවි.අක්කර ලක්ෂ 60ක් වගාබිම් තියෙනවා එයින් ලක්ෂ 40කට වඩා තියෙන්නේ අපේ එදිනෙදා කෑම වගා කරන ඉඩම්.කෘෂි කර්මාන්තයට දායකවන ප්‍රමාණය 25% ඉන්නේ හැබැයි ඒගොල්ලෝ ජාතික ආදායමට ඔවුන් එකතු කරන්නේ 8%ක් වගේ පුංචි ප්‍රමාණයක්.මේ තත්වය අපි වෙනස් කරගත්තේ නැතුව අපේ රට නිදහස් කරගන්න බෑ.අපි පාරේ අරගල කරමු.ආණ්ඩුව හරි දිශාවට තල්ලු කරමු නැත්තම් විධායකය අහෝසි කරලා ඔක්කොම කරමු හැබැයි ඒ කරන අතරේ අපේ රට පරාධීන වෙන්න අපි ඉඩ දෙන්න හොඳ නෑ.එසේ නොකලහොත් අපේ රට විශාල ආර්ථික අහේනියකට යාම වලක්වන්න බෑ.ග
ෙවතු දසලක්ෂයක් වගාකිරීමේ ව්‍යාපෘතිය අද හඳුන්වා දෙනවා.මේ ආණ්ඩුව පිස්සු නටන්නේ මේ ආණ්ඩුවට වැඩ පිළිවෙලක් නෑ වස විසෙන් තොර ගොවිතැනක්.අවිචාරවත්ව එක පාරට පොහොර නවත්වලා සම්පුර්ණයෙන්ම අවුල් ජාලයක් බවට පත්කලා.ඒ වෙනුවෙන් පෙනි හිටිය විත්තිකරුවෝ විදිහට අපිව ජනතාව පත් කරලා තියෙනවා.මම මුලින්ම කියන්න ඕන වස විසින් තොර ගොවිතැනක් කියන රාජ්‍ය ප්‍රතිපත්තියට මගේ කිසිම සම්බන්ධයක් නෑ.කැබිනට් පත්‍රිකාව දැම්මේ මගේ අනුදැනුමකින් තොරව ඉතාම හොඳ දෙයක් කරන්නම් එක් හරි විදිහට හරි වෙලාවට කරන්න ඕන.වැරදි පුද්ගලයෝ එක්ක වැරදි වෙලාවට සැලසුමක් නැතුව කිරීමෙන් තිබුණ තත්වයට වඩා බරපතල දුගීකමකට ජනතාව වැටිලා තියෙනවා.අද කඩේකට ගියත් ගන්න තියෙන්නේ විදේශිය හාල් මේක ඉතාම නරක තත්වයක්....''