
‘ගෝඨාගෝගමේ’ අරගල භූමියේ අලුතින්ම ඉදිකළ ‘ටියර්ගෑස් සිනමා’ (Teargas cinema) සිනමා ශාලාව ඊයේ (13) පස්වරුවේ විවෘත විය.
ගෝඨාගෝගමේ අරගලයේ නිරතවීම අතරතුර විවේකය අර්ථවත්ව ගත කිරීම සඳහා දේශපාලන අභියෝග ජයගත් අය ගැන ඓතිහාසික වාර්තා චිත්‍රපට ඇතුළු සිනමා පට ගණනාවක් මෙහිදී ප්‍රදර්ශනය කරන්නට කටයුතු සලසා ඇත.
මෙම සිනමා ශාලාව සිනමා ප්‍රදර්ශන අංගෝපාංගයන් ගෙන් සමන්විත වන අතර එකවර 100 කට පමණ මෙහි පනැරඹිමේ හැකියාව පවතියි.
මේ ආශ්‍රිතව සිනමා සංවාද සහ වැඩමුළු ඇතුලු සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද නියමිත බව දන්වා තිබේ.


Comments
Post a Comment
Your comment will be visible after approval