
පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍යවරුන් 04 දෙනා පහත පරිදිය.
අද (14) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ ජනාධිපතිතුමා ඉදිරියේ මේ අය පත්වීම් ලබාගත් අතර කෙටි කලක් ඇතුළත් අමාත්‍ය ධූර මාරු කරන ලද තෙවැනි අවස්ථාව මෙයයි.මේ 4 දෙනාම ජනපති අයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන්නන්ය.
01. විදේශ කටයුතු - මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
02. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන - දිනේෂ් ගුණවර්ධන මහතා
03. නාගරික සංවර්ධන හා නිවාස - ප්‍රසන්න රණතුංග මහතා
04. විදුලිබල හා බලශක්ති - කංචන විජේසේකර මහතා
(ඡායාරූප: ජීවන් චන්දිමාල් - ජනාධිපති මාධ්‍ය අංශය)

Comments
Post a Comment
Your comment will be visible after approval