
ඥානක්කා නමින් හැදින් වූ අනුරාධපුරයේ ගුරුකම් සම්බන්ධ ප්‍රකට කාන්තාවගේ දේවාලයද ඊයේ (09) රාත්‍රී කිසියම් පිරිසක් ගිනි තබා තිබේ. ඊයේ බොහෝ දේශපාලනඥයින්ගේ වත්කම් වලට හානිවූ නමුත් දේශපාලනය සිදු නොකරන අයෙකුගේ නිවසක් ගිනිගත්තේ පළමු වරටය.
ඇය ජනපතිගේ පුද්ගලික ජ්‍යොතිෂ්‍ය උපදේශිකාව බවට වාර්තාවී තිබුණ අතර දේශපාලනයට සම්බන්ධ නැති නමුත් දේශපාලන තීන්දු තීරණ රැසක් පසුපස ඇය සිටි බවත් ඇගේ කීම් බස් අනුව බොහෝ තීරණ ජනපති ලබාගත් බවත් චෝදනා ඇති විය. ආසන්න කාලයේ හදිසි නීතිය පැනවීම පවා ඇගෙන් අසා දැනගත් දිනයක් වේලාවක් බලා සිදු කර ඇති බවට වාර්තා පළ විය.
ගින්න සම්බන්ධ ජායාරූප දෙකක් පහතින්


Comments
Post a Comment
Your comment will be visible after approval