
ගෑස් පෝලිම්වල සිටින අයට ගෑස් නැතැයි කීම නිසා ඇතිවූ අපහසුතාවන් මැද ගෑස් ඉල්ලා ජනතාව සිදුකරන විරෝධතා හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දියෙන් සහ කොළඹ නගරයට පිවිසෙන බේස්ලයින් පාර කොටස ගමනාගමනයට අවහිර වී ඇතැයවි වාර්තාවේ.
අද (14) දිනයේදී ගෑස් ලැබෙන බව දන්වා සිටීම නිසා ජනතාව අදාළ සැපයුම් මධ්‍යස්ථාන වෙත ගියද මධ්‍යස්ථානවෙත ගෑස් නොපැමිණ තවදුරටත් ගෑස් නොමැතිකම දන්වා සිටීම හේතුවෙන් මෙලෙස මාර්ගය වසාගෙන ජනතාව විරෝධතාවේ නිරත වේ.
පසුගිය 08 වැනිදාද හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දියෙන් මාර්ගය වසාගෙන එම ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වූ අතර අනතුරුව 09 වනදා හයිලෙවල් පාරේ කිරුළපන මංසන්ධිය ආසන්නයේද ගෑස් නොලැබීමට විරෝධය පළකරමින් වසා දමා තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval