
පසුගිය 09 වෙනිදා රාත්‍රියේ අනුරාධපුරයේ ප්‍රකට යන්ත්‍ර ගුරුකම් සම්බන්ධ තැනැත්තියක වූ ඥානා මෑණියෝ හෙවත් ඥානක්කා නම් කාන්තාවගේ නිවසට හා හෝටලයට ප්‍රහාර දියත්වූ අතර දේවාලයට පවා හානි ඇති විය. මෙහිදී ආරක්ෂක අංශ යොදවා තිබුනත් ඥානක්කාගේ ආරක්ෂාව සලසා දෙන්නට බැරිව ගිය බව කියැවේ.
විනාශය වනතුරු බලාසිටින්නට සිදුවූයේ නිලධාරීන් අඩුකම නිසා බව පෙන්නුම් කර ඇති අතර ඊට ප්‍රමාණවත් තරම් ආරක්ෂාව ලබා නොදුන්නැයි එම ප්‍රදේශය භාරව සිටි ඉහළ හමුදා නිලධාරීන් චෝදනාවට ලක්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මාරු කර යවා ඇතැයි වාර්තා පළව තිබේ.
නිවසට, දේවාලයට සහ හෝටලයට ප්‍රහාර එල්ල කිරීම සඳහා පිරිස් පැමිණෙන බවට පූර්ව තොරතුර ලබා නොගත්තේ යැයි පවසා 21වෙනි සේනාංකයේ සේනාධිපති, එහි බුද්ධි අංශ නිලධාරී සහ ප්‍රධාන මණ්ඩලික නිලධාරී යන තිදෙනා මේ වනවිට වෙනත් ස්ථානවලට මාරු කර යවා ඇතැයි වාර්තා පළවේ.

Comments
Post a Comment
Your comment will be visible after approval