New-Zealand-offers-$-500,000-to-solve-problems-of-children-and-farmers-in-Sri-Lanka

නවසීලන්ත රජය ශ්‍රී ලංකාවට ඩොලර් ලක්ෂ 5 ක ( 500,000) මුදලක් ප්‍රදානය කරන බව නවසීලන්ත විදේශ අමාත්‍යවරිය වන නනයියා මහුටා මහත්මිය ප්‍රකාශ කළාය.ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක්ව සිටින දරුවන් පෝෂණය කිරීමට සහ ගැටලුවලට මුහුණ දී සිටින ගොවියන්ට සහාය වීම සඳහා ඒවා යොදවන ලෙස ඉල්ලා ඇත.




පසුගිය වසර 30 තුළ ශ්‍රී ලංකාවේ  සංවර්ධනයට සහාය වීම සඳහා නවසීලන්ත ඩොලර් මිලියන 25.7 මුදලක් ලබා දී ඇතැයිද මෙම ප්‍රදානය සිදු කරමින් නවසීලන්ත විදේශ අමාත්‍යවරිය සිහිපත් කළාය.
ටැටූවක් නිකටේ සටහන් කරගැනීම නිසා ප්‍රකට වී ඇති නනයියා මහුටා මහත්මිය නවසීලන්ත රජයේ කාර්යක්ෂම නිලධාරිනියක ලෙස ගෞරවයට ලක්ව සිටින්නියකි.