fuel-shortage

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව අද දිනයේද දීර්ඝ පෝලිම් හා ඇතැම් තැන්වල ඉන්ධන ඉවරවීමෙන් පසු කුපිතවූ පිරිස් දියත් කරන විරෝධතා ඇරඹී තිබේ.





ජාඇල - මීගමුව ප්‍රධාන මාර්ගය බෝපිටිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ඉන්ධන ඉල්ලා පිරිසක් විරෝධතාවයක නිරත වන නිසා  එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී ඇත.
ඔවුන් ත්‍රීරෝද රථ බෝපිටිය ප්‍රදේශයෙන් මාර්ගය හරස් කර ඇති බවද වාර්තාවේ.

මේ අතර ඩීසල් සහ පෙට්‍රල් තොගයක් ගොඩබෑම අද ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර කියයි.



පසුගිය දින දෙක තුළ දිවයින පුරා පිහිටි සියලූම ඉන්ධන පිරවුම්හල්වලට ඩීසල් බෙදා හැරීම යහපත්ව ිසදුවූ අයුරින් ඊයේ පෙරවරුවේ ඔක්ටේන් 92 සහ 95 බෙදා හැරීම ආරම්භ කළ බවත් හෙට අනිද්දා වනවිට යථාතත්වයට පත්විය හැකි බවත් පවසයි.

විරෝධතා නිසා ඉන්ධන බෙදා හැරීමට පිරිස් බාධා කරන බවත් තෙල් ගොඩ බෑම නොකලොත් බවුසර ගිනි තබන බවට අනතුරු අගවා තිබීම මත ප්‍රශ්න මතුවූ බවත් ඇමති පවසයි. සේවකයන්ගේ ආරක්ෂාව සළකා ඉන්ධන බෙදාහැරීම නවතන්නට මේවා හේතුවිය හැකි බවද ඔහු පවසයි.