fuel-ship-dollars

කිසිදු සැලැස්මක් නොමැතිව මෙරටට ගෙන්වා තිබෙන පෙට්‍රල් බොරතෙල් හා දැවිතෙල් නැව් තුන සඳහා අද (17දා) දිනය වනවිට ඩොලර් ලක්ෂ 35කට අධික ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව තිබෙන බව ඉන්ධන, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.  ඔක්ටේන් 92 හා ඔක්ටේන් 95 පෙට්‍රල් අඩංගු නැව මෙරට මුහුදු සීමාව ආසන්නයට පැමිණියේ පසුගිය මාර්තු 28වැනිදා බවත්, ම

ෙම නැව තුළ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,000ක් තිබෙන බවත් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය. මෙම නැව සඳහා ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට ඩොලර් 18,000ක් ගෙවිය යුතු බවත්, මෙම නැව ක්ෂණික මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන තිබෙන නිසා ලෝක වෙළෙඳ පොළේ මිලට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවත් හෙතෙම පවසා සිටියේය. බොරතෙල් මෙට්‍රික් ටොන් 89,000ක් රැගත් නැව පසුගිය අප්‍රේල් 25 වැනිදා මෙරට පැමිණි බවත්, මෙම නැවට ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ඩොලර් ලක්ෂයක් ගෙවිය යුතු බවට මුලින් සඳහන් කළත්, එම මුදල ඩොලර්  එක්ලක්ෂ විසිදහසක් දක්වා ඉහළ දමා තිබෙන බවත් ආනන්ද පාලිත මහතා සඳහන් කළේය. ද

ැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නැව මේ මස 09 වැනිදා මෙරට පැමිණි බවත්, මෙම නැවට ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට ඩොලර් 18,000ක් ගෙවිය යුතු බවත් පවසා සිටි ඒ මහතා, මේ ආකාරයට දීර්ඝ කාලයක් නැව මුහුදේ පවතින විට දිනකට ගෙවියයුතු ප්‍රමාද ගාස්තු ප්‍රමාණය ක්‍රමානුකූලව ඉහළ යන බවද පවසා සිටියේය.දැවිතෙල් නැව ගොඩබෑමකට ලක් කිරීමට වැඩපිළිවෙළක් සකස් කරනු ලැබුවානම්, විදුලි අර්බුදයට විසඳුම් ලැබෙන බවත්, බොරතෙල් නැව ගොඩබෑම තුළින් දැවිතෙල්, ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් අර්බුදයට විසඳුම් ලැබෙන බවත් ආනන්ද පාලිත මහතා පැවසීය. එසේම ගොඩබෑම් ප්‍රමාද වීම තුළින් රටේ ඩොලර් නිකරුණේ විදේශ රටවලට ඇදි යන බවත්, රට තුළ පවතින ඩොලර් අර්බුදය ඉහළ යන බවත් ආනන්ද පාලිත මහතා පවසා සිටියේය.


(ඉන්දික හේවාවිතාරණ - ලංකාදීප)