fuel-price-hike

ඉන්ධන අලවි කිරීමේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනික ව රුපියල් මිලියන 600ක පමණ පාඩුවක් ලබන බැවින් ඉක්මණින් ඉන්ධන මිල ඉහළ දමන්නට ඉල්ලා තිබූ අතර ඉන්ධන මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු අඟහරුවාදා උදේ 3 සිට මිල ඉහළ දමා ඇත. ඒ මෙසේය.




රුපියල් 337.00ක් වූ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 420.00කටත්
රුපියල් 373.00ක් වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 450.00ක් දක්වාත්
රුපියල් 289.00ට මිල කර තිබූ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 400ක් දක්වාත්
රුපියල් 329.00ට මිල කර තිබූ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 445.00ක් දක්වාත්
ඉහළ දමන්නට ඒ අනුව තීරණය කර ඇත.

කෙසේ වෙතත් අද සවස පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවද ඛණිජ තෙල් සංස්ථාව ලබන පාඩුව පිළිබඳ කංචන ඇමති කරුණු දැක්වූ බවද වාර්තා විය.