The-new-Prime-Minister-is-ready-to-cut-the-Queen-and-make-Australia-a-republic

ඔස්ට්‍රේලියාවේ අගමැති කම්කරු පක්ෂයෙන් තේරීපත්වීමෙන් පසු රාජ්‍ය නායකයා ලෙස සලකන බ්‍රිතාන්‍ය රැජින ඉවත් කිරීමටත් ජනරජයක් පිහිටුවීමටත් ඒ රට බලාපොරොත්තු වේ යැයි සැකයක් ඇතිව තිබේ.
කම්කරු පක්ෂයේ නායක ඇන්තනි ඇල්බනීස්, 59, සති අන්තයේ අගමැති ස්කොට් මොරිසන්ගේ ලිබරල්වාදීන්ට එරෙහිව අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර,

රාජාණ්ඩුව සමඟ ජාතියේ බැඳීම් වලට ඉදිරියේ කුමක්වේදැයි රාජකීය ආධාරකරුවෝ මේ නිසා කනස්සල්ලට පත්ව ඇත.

මධ්‍ය-වාම කම්කරු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනමත විචාරණයක් සඳහා සැලසුම් ඇතුළත් නොවේ, නමුත් රාජාණ්ඩු විරෝධී සංවිධානයක් වන නව රජය ඊයේ කියා සිටියේ ඇල්බනීස් මහතාගේ මැතිවරණයේ ප්‍රතිඵලයක් ලෙස ‘ජනරජයක් බිහිවනු ඇත’ යනුවෙනි.



එහි නිල ට්විටර් ගිණුමේ, කණ්ඩායම මෙසේ පැවසීය: 'ජනරජ හිතවාදී ඇන්තනි ඇල්බනීස් ඕස්ට්‍රේලියාවේ අගමැති වීම දැකීම සතුටක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් ඕස්ට්‍රේලියානුවන් ලෙස ආදිවාසීන් පළමුව පිළිගැනීමට ඔවුන් නිවැරදිව කැපවී සිටින බැවින් තවත් ජනමත විචාරණයක් පවත්වන්නේ නැත. නමුත් ජනරජයක් බිහිවීම සිදුවනු ඇත.’ යනුවෙනි.

ජනරජයක් පිහිටුවීමේ අදහස 1999 දී ඔස්ට්‍රේලියාවේදී අත්හදා බලන ලද්දේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල්ය. මේ සඳහා ජාතික ජනමත විචාරණයක් පැවැත් වූ විට, ඡන්දදායකයින්ගෙන් සියයට 55 කට ආසන්න ප්‍රමාණයක් රාජාණ්ඩුව සමඟ සබඳතා තවදුරටත් පවත්වා ගැනීම තෝරා ගැනීමෙන් පසුව එම උත්සාහය අතැර දැමීය.

ඇල්බනීස් මහතාගේ ජයග්‍රහණය ඔහුගේ ජනරජ ගැති ප්‍රකාශයන් දෙස ආපසු හැරී බැලූ ආධාරකරුවන් අතර සාකච්ඡා අවුලුවා ඇති අතර ජීවන වියදම, නිවාස නොමැතිකම සහ වෛද්‍ය ප්‍රතිකාරවලට වඩා රාජාණ්ඩුව වැදගත් විය යුතු දැයි විමසා ඇත.

වසර 20 කට පෙර, ඇල්බනීස් මහතා ජනරජ ජනමත විචාරණ කමිටුවකට මෙසේ පැවසීය: 'ජනරජයට සහාය දෙන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිමි - හැමෝම එය පිළිගන්නවා. අපි දැන් එය කළ යුතුයි, එවිට අපට එය ආඩම්බරයෙන් කළ හැකිය. යනුවෙනි.



2016 දී, ඇල්බනීස් නැවතත් මාතෘකාව මතු කළේය, ඔහු සමඟ එකඟ වූ පුද්ගලයින්ට සමාජ මාධ්‍යවල ඔහුගේ අදහස් බෙදා ගැනීමට ආරාධනා කළේය. නමුත් සමහර කම්කරු විශ්වාසවන්තයින් පවා  එය පිලිගැනීමට මැළිවූ අතර, සමාජ මාධ්‍යවල එක් ලේඛකයෙකු පැවසුවේ එය සුදුසු කාලය නොවන බවයි: 'ඔබට මේ සඳහා මගේ ඡන්දය ලැබෙන්නේ නැත. රජෙක් සිටි සහ ඔවුන්ගෙන් මිදුණු රටවල් දෙස හොඳින් බලන්න. ඔවුන්ට දැන් ඉන්නේ ජනාධිපතිවරයෙක් හෝ ඒකාධිපතියෙක් සමගයි’ ඇතැමුන් පවසා තිබුණි.

තවත් ලේඛකයෙක් මෙසේ අදහස් දැක්වීය: 'සමාවෙන්න ඇල්බෝ, හැමෝම ඒක පිළිගන්නේ නැහැ... ජනරජයක් බවට පත්වීම සඳහා වැය කරන මුදල්, ගින්නෙන් සහ ගංවතුරෙන් නිවාස අහිමි වූ දහස් ගණනකට සහ අන් සියල්ලටම පෙර ඔවුන්ගේ ජීවිත තේරීම්වලින් නිවාස අහිමි වූවන්ට නිවාස ලබා දීමට වඩා හොඳ වනු ඇතැයි මම විශ්වාස කරමි. '


    (ඩේලි මේල් ඇසුරිනි)