dharmaratne-story

පසුගියදා දෙරණ ටීවී නාලිකාවේ විකාශයවූ පාපැදියක් මිලට ගන්නට ගිය පුද්ගලයෙකු සම්බන්ධ ‘වොයිස් කට්‘ එකක් සමාජ ජාල තුළ ආන්දෝලනයක් ඇති කළේය. ඊට හේතුවූයේ ‘22000 කියල හිතල ගන්න ගිය පාපැදිය 49000 බව‘ වෙළෙඳසලින් දැනගන්නට ලැබීම විමතියක් බව ඔහු පැවසූ අසරණ හා අව්‍යාජ ස්වරූපයයි.


ධර්මරත්න නමැති ඔහුගේ මෙම කතාව අසා ලෝකය පුරා විවිධ ශ්‍රී ලාංකිකයින් ඔහුගේ අසරණභාවයට ආධාර කරන්නටත් පාපැදියක් අරන් දෙන්නටත් ඉදිරිපත්වී තිබුණි. දෙරණ නාලිකාව හරහා ඔහුගේ දුරකථන අංකය ලබාගෙන ඔහුට කථා කර එම ආධාර ලබාදෙන්නට උත්සාහ කර තිබුණි.
නමුත් ධර්මරත්න ඒවා ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු පවසන්නේ තමුන් වෑන් රථයක් මෙන්ම යතුරු පැදියක්ද හිමි රාජ්‍ය සේවකයෙකු බවයි. කිලෝමීටර විස්සක් පමණ දිනපතා යතුරුපැදියෙන් වැඩට ගිය තමා පැය තුනහමාරකට අධික කාලයක් පෙට්‍රල් පෝලිමක සිටි නිසා විකල්පයක් ලෙස පාපැදියක ගමන් කිරීමට කල්පණා කළ බවයි.ඒ සඳහා වෙළෙඳ සලට ගියත් මිල ගණන් අසා පුදුම වූ බවයි. තමා ටීවී එකට කතා කළේ ජනතාව වෙනුවෙන් මතුව ඇති ප්‍රශ්නය බව ඔහු කියයි.


 ඔහු එම වොයිස් කට් එක ලබාදීමෙන් අපේක්ෂා කළේ මේ කාලයේ ‘වෙළෙඳපොළ මාෆියාව‘ ගැන දැනුවත් කිරීමට බවද ඔහු කියයි. ඔහුට පාපැදියක් තමන්ගේ වියදමින් අවශ්‍ය නම් ගත හැකි බවත් ඒ නිසා පරිත්‍යාගශීලීන් කැමතිනම් මේ අවස්ථාවේ අඩු තරමේ කිසිදු වාහනයක් නැති අයෙකුට එම උදව්ව කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.
තමන්ගේ පණිවිඩය තේරුම් ගන්නා ලෙස ඉල්ලීම් කරන ඔහු නැවත කියා සිටින්නේ  ජනතාව ආර්ථික පීඩනයට ලක්ව සිටින මේ අවස්ථාවේ වෙළෙන්දන් ජනතාවට උදව්වක් වනු මිස අසාධාරණ මුදල් අය කිරීම් නතර කරන ලෙසයි.

ඔහුගේ කතාව පහතින්