
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (30) සිට දින 14ක් නිවාඩු බව පොලිස්පතිවරයා දැනුම් දී ඇත.නිවේදනය අනුව ඔහු නිවාඩු ලබාගැනීමක් සිදු කර ඇත.
නියෝජ්‍ය පොලිස්පති ඩී ජේ පලිහක්කාර ඔහුගේ තනතුරේ දින 14ක කාලයක් සඳහා රාජකාරි ආවරණය කරන බව ඒ සමග දන්වා ඇත.
පසුගිය 09 වනදා ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් අරලිය මැදුරේ සටන්කාමී පිරිස ආරක්ෂාවන පරිදි කටයුතු කිරීම හා සිදුවන හානි වෙන්නට ඉඩ හැර බලාසිටීම ගැන චෝදනා වලට ලක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු පසුව සිදුකරන පරීක්ෂණ වලදී ප්‍රශ්න කිරීමට ලක්වූ නමුත් අත්අඩංගුවට ගැනුනේ නැත.
ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔහුව ආරක්ෂා කරන බවට පසුගිය දිනවල ආරංචි පැතිරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval