
ශ්‍රි ලංකා නීති ප්‍රජාව විසින් පසුගියදා සිදු වුණ ගැටුම තරයේ හෙළා දකින බවත් ඒ සම්බන්ධව වගකිවයුතු සියළුදෙනා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටිමින් මෙලෙස ඔවුන්ගේ අදහස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුනා..
තමුන්නාන්සේලා දන්නවා ඊයේ දින ලංකා දේශපාලන ඉතිහාසයේ අඳුරු යුගයක් සනිටුහන් වුණා. ඒය ලංකා දේශපාලන ඉතිහාසයෙහි කළු පැල්ලමක් උනාට කිසිදු සැකයක් නෑ ඒ නිරායුධ මිනිසුන්ට අමානුෂික ලෙස කුලී හමුදාවක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.. ඒ වගේම මේ මැර කණ්ඩායම මුලින්ම අරලියගහ මන්දිරයට කැඳෙව්වේ සැලසුම් සහගතව රුපවාහිනී දර්ශන තුළ අපි දැක්කා අරලියගහ මන්දිරය ඇතුලට යනකොට කඩු මුගුරු පොලු කිසිවක් තිබුණේ නැහැ. එම සාකච්ඡාවෙන් පසුව එළියට එනකොට මාධ්‍ය තුළින් අපි දැක්කා විශාල කඩු ප්‍රමාණයක් මුගුරු ප්‍රමාණයක් බීමත්ව මැර කණ්ඩායම විසින් පළමුවෙන්ම මයිනා ගමට පැමිණෙන ආකාරය.. ඒ අනුව පොලිසියෙන් බලා සිටියදීත් මේ ප්‍රහාරය එල්ල කරන්න පොලිසිය ඉඩ දීලා තිබුණා. ඉන් අනතුරුව එම ප්‍රහාරයේ ඒ ලේ පිපාසිතයන් ඒ අහිංසක නිරායුධ නිර්පාක්ෂික ජනතාවට එලව එලව පහරදීලා එතනින් නැවතුනේ නැහැ.. නැවත අහිංසක නිර්පාක්ෂික අරගලකරුවන් ගෝඨාගොගම පරිශ්‍රයට ඇතුළු වෙන්න පොලිසිය ඉඩ දුන්නා. මොවුන් දිගට හරහට අහිංසක නිරායුධ මිනිසුන්ට පහර දුන්නා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලදාපු දවසක් හැටියට අපි මේක දකින්නේ. මෙහි ප්‍රධාන වග උත්තරකරුවන් හැටියට අපි නීතිඥ ප්‍රජාව නම් කරනවා මේ රටේ ආරක්ෂක ලේකම්වරයා. ඔහු මං හිතන්නේ ආරක්ෂක ලේකම්වරයා නෙමෙයි දැන්.
ඊයෙන් පස්සේ ආරක්ෂක ලේකම් නෙමෙයි.. ඒ වගේම මේ රටේ පොලිස්පතිවරයා ඊට අමතරව කොළඹ දේශබන්දු තෙන්නකෝන් ඩීඅයිජී චන්ද්‍රකුමාර ,සිසිර මෙත්‍රතන්ත්‍රි, එස් එස් පී නිශාන්ත චන්ද්‍රසේකර ,එස් එස් පී ලියනගේ. ඔහු අනුර සේනානායකගේ මස්සිනා.. මිරිහාන සීඅයි තුෂාර. එවගේම කොටුව බාර පොලිසියේ ස්ථානාධිපතිවරයා සාගර ලියනගේ. මේ අය මේ ප්‍රහාරය එල්ල වන විට අනුබල දුන් පුද්ගලයෝ..
ඒ අනුව මේ රටේ බුද්ධි අංශයක් තිබෙනවා.. ඒ බුද්ධි අංශය අරලියගහ මන්දිරයට එනකොට මේ බුද්ධි අංශ නිලධාරීන් කොහෙද හිටියේ කියලා අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා.. ඒ අනුව ප්‍රහාරය එල්ල වෙන ආකාරය බැලුවහම මැර කුලී හමුදාවට මෙම ස්ථාන වලට ඇතුලත් වෙන්න ඉඩ දීලා පොලිසියෙ බලාගෙන හිටියා.. මේ මැර ප්‍රහාරය පළමු මැර ප්‍රහාරයෙන් පසුව පොලිසියට අවශ්‍ය වුනා නම් ඉන්දියානු තානාපති කාර්යාලය ඊට මෙහායින් තිබෙනවා පාලමක්. ඒ පාලම ආසන්නයේ සීටීබී බස් දෙකක් දැම්මා නම් මේ ප්‍රහාරය එල්ල වෙන්නේ නැහැ.. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්ගෙන් මෙහෙයවීම යටතේ මං ඉහත සඳහන් කළ පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මත තමයි මොවුන් මේ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ.. ඒ අනුව මේ ප්‍රහාරය වගඋත්තරකරුවන් සියලු දෙනාටම නඩු පැවරිය යුතුයි..
ඒ නිසා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ අපරාධය වෙන්න ඉඩ ඇරලා බලාගෙන හිටපු ඒ පොලිස් නිලධාරීන්ට දඩුවම් දිය යුතුයි සහය දුන් නිලධාරීන්ට.. මේ රටේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහි සැලසුම්කරුවෙක් ආධාර අනුබල දුන් චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගත යුතුයි. ඒත් එක්කම ආරක්ෂක ලේකම්වරයා මේකට වගකිව යුතුයි. එනවා ආරක්ෂක ලේකම්වරයාටත් විරුද්ධවත් නඩු කටයුතු පැවරිය යුතුයි කියලා තමයි නීතිපති ප්‍රජාවගේ ..ඒ නිසා මහින්ද රාජපක්ෂ මේ වෙනකොට හොරෙන් පැනලා ගොස් තිබෙනවා.. දැනට ත්‍රිකුණාමලේ නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ සිටිනවා කියලා තොරතුරු ලැබෙන්නේ.. ඔබ ලෝකෙන් පැනලා යයි ඒ නිසා එය වැළැක්වීමට ගත යුතු පියවර සියල්ල ගත යුතුව තිබෙනවා.. ඒ නිසා මේ වෙනකොටත් ඔවුන්ගේ දරුවන් මේ රටේ කොල්ලකාපු ධනය රැගෙන මේ වෙනකොටත් පලා යමින් තිබෙනවා.. මේ රටේ මිනිස්සුන්ට මේල්ල කරපු ප්‍රහාරය මෙතනින් නවතින්නේ නැහැ. ඒ නිසා පොලිස්පතිවරයා මේ ගැන වග බලාගන්න ඕන..
Comments
Post a Comment
Your comment will be visible after approval