damitha-speaks

පාර්ලිමේන්තුව අසළ පවතින අරගලයට සහය දක්වන්නට එක්වු රංගන ශිල්පිනි දමිතා අබේරත්න අරගලය සම්බන්ධයෙන් ඇගේ අදහස් මෙසේ දක්වා තිබුණි.



"මේ දරුවෝ මේ පාරට බැහැලා ඉන්නේ ඒ දරුවන්ගෙ සිහින වෙනුවෙන්. මේ තකමයි අනාගතය දකින්න ඉන්න දරුවෝ. ඔවුන්ගේ සිහින මේ වෙද්දී බොඳ කරලා ඉවරයි. අපේ සිහිනත් බොඳ කරලා ඉවරයි. අරගලයක් හැමදාම සාර්ථක වුනේ අන්තරේ දරුවෝ නිසා.

ඔවුන් තමන්ගේ ජිවිත පරදුවට තබලා මේ  දේ  ඇප කටවත් කරගන්න අමාරු දෙයක්..ආඩම්බරයි පුතේ ඔගොල්ලෝ ගැන. ඔගොල්ලන් වෙනුවෙන් අපිට හිටගන්න පුළුවන්.ඇතත්ටම ලැජ්ජ වෙනවා පාර්ලිමේන්තුවේ ඉන්න 225ම ගැන. මේ පාර්ලිමේන්තුවේ දවසක් කියන්නේත් මේ රටේ මුදල්. දැන් මේ රටේ මුදල් නැ. මේ රටේ පාර්ලිමේනතුවක් රැස්වෙනවා කියන්නේ ලක්ෂ 100ක් ,150ක් යන වියදමක්නේ...මේකටවත් ලැජ්ජාවක් නැද්ද?මේ මිනිස්සුන්ට කන්න බොන්න නැ , තෙල් පෝලිම් වල.මෙහෙම තියාගෙනද ඔබතුමන්ලා සුර සැප විඳින්නේ? මම නම් ඉන්නේ මේ 225ම වැඩක් නැ කියන තැනයි..අගමැතිතුමනි, ජනාධිපතිතුමනි ඔබතුමන්ලා ඉල්ලා අස්වෙන්න. එක තමයි මගේ එකම ඉල්ලීම."