
රනිල් වික්‍රමසිංහ මහතා වාසය කරන කොළඹ හතේ 5 වන පටුමගෙහි නිවස ඉදිරිපිටට අද උදෑසන පැමිණි විරෝධතාකරුවන් ඔහුට ඉවත්වී යන ලෙස බල කරමින් විරෝධතාවයක් සිදු කරමින් සිටි අතර ටික වේලාවකට පසු එජාප පාක්ෂිකයින් කන්ඩායමක් පැමිණ ඒ ආසන්නයේ සිට ‘අපිට ඕන රනිල්‘ කියමින් තවත් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
විරෝධතාවන්ට ප්‍රතිචාර දක්වන්නට රනිල් එලියට ආවේ නැති නමුත් විශාල පොලිස් කන්ඩායමක් රනිල්ගේ නිවස ආරක්ෂා කිරීමට කැඳවා තිබුණි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මේ දිනවල රාජපක්ෂ ආන්ඩුව ගලවාගැනීමේ ‘යටිකූට්ටු මෙහෙයුමක්‘ සිදුකරමින් සිටින බවට විපක්ෂය චෝදනා කර තිබෙන අතර මෙම විරෝධතා ඇරඹෙන්නේ එයින් පසුය.