
කොළොන්නාව ප්‍රදේශයේ බේකරියක් තුළ සඟවා ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරිකයකු ගෑස් සිලින්ඩර 40 ක් සමග ඊයේ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය වාර්තා කළේය.
වෙළඳ පොලේ මිලට වඩා දෙගුණයක් වැඩි මිලට එනම් රුපියල් 9260 ක මුදලකට මෙම සිලින්ඩර විකුණා තිබුණි. අවස්ථාව බලා ජාවාරම් කිරීමට කටයුතු කර තිබුණි.
මෙම බේකරියේ පැත්තක ගබාඩා කර තිබූ ගෑස් පිරවූ සිලින්ඩර 20 ක් හා හිස් සිලින්ඩර 20 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
කොළොන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ගෑස් සිලින්ඩර අලෙවි කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතාට ලද තොරතුරක් අනුව උපාය දූතයකු ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට යොදවා අනතුරුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.

Comments
Post a Comment
Your comment will be visible after approval