මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සජිත්ගේ ඩීල් එකක් පිළිබඳ මෙසේ සිය අදහස් ප්‍රකාශ කර සිටියා.



"විපක්ෂය කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කණ්ඩායම පමණක් නෙමෙයි අපිත් ඉන්නවා.දැන් මෙතනදී ජනතා විමුක්ති පෙරමුණේ තුන්දෙනා ඡන්දය දීමේන් වැළකිලා ඉන්නේ. එතකොට දැන් සජිත් ප්‍රේමදාස ඇත්ත විපක්ෂ නායකයෙක් නම් ඔහුට පුළුවන් වෙන්න ඕනෙ තමන් දාන අපේක්ෂකයාට ජනතාව විමුක්ති පෙරමුණේ තුන්දෙනාගෙන් හරි සහය ගන්න. හැබැයි මේ ගොන් විපක්ෂනායක අඩුගානේ ජනතාව විමුක්ති පෙරමුණේ තුන්දෙනාගෙවත් ඡන්දේ ගන්න පුළුවන්කමක් නැ අපේක්ෂකයෙක් දාලා.

ඉතිං ඔහුටවත් වැඩපිළිවෙළක් නැ විපක්ෂයේ පක්ෂ ටිකවත් අඩුගානේ එකමුතු කරලා තියාගන්න. කලින් කිව්වා නම් අපිට එගොල්ලෝත් අපේක්ෂකයෙක් දානවා කියලා අපිට අපේක්ෂකයෙක් නොදා ඉන්න තිබ්බා. මොකද රංජිත් සියඹලාපිටිය මැතිතුමාට එහෙම ආසාවක් නැ ඔය තනතුරු තියාගෙන් ඉන්න. නමුත් අන්තිම මොහොතේ තමයි මෙගොල්ලෝ ඉමිතියාස්ව දානවා කියලා ප්‍රකාශයට පත් කලේ.


පොහොට්ටුවේ කට්ටියට ඕනේ විපක්ෂයට ගිය කට්ටිය තාමත් ඉන්නේ අපිත් එක්කයි කියලා පෙන්නගන්න. සජබට ඕනේ විපක්ෂේට ආවාට මෙගොල්ලෝ තාම ඉන්නේ ආණ්ඩුව එක්කයි කියලා පෙන්නගන්න. මේ දෙගොල්ලන්ටම ඇණේ වෙලා තියෙන්නේ. අපියි ආණ්ඩුවයි එකට ඉන්නේ කියලා පෙන්නගන්න ගහපු මැච් එකෙන් පේනවා සජිත් ප්‍රේමදාස ඉන්නේ කාත් එකක්ද කියලා."