
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපතිතුමා කමිසයේ සවි කළේය. මේ සමග රණවිරු සැමරුම් මාසය ඇරඹේ.
අද දිනයේ පැවති හර්තාලයට ප්‍රතිචාර වශයෙන් අද සවස විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
පස්වරු 5ට මෙම රැස්වීම ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
අද හර්තාලය සමග රට තුළ මතුව ඇති තත්ත්වය පිළිබදව මෙහිදී සාකච්ජා කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ.
හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට 2022-05-03 දාතමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණු පොත ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යය එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය අද (06දා) සඳහන් කර තිබුණි.
මෙම හර්තාලයට එරෙහිව ජනපති කතා කර නැති අතර ගන්නා පියවර රාත්‍රී දැනගන්නට ලැබෙනු ඇත.
කෙසේ වෙතත් ජනපති හෝ අගමැති හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ ඉල්ලා අස්වීමක් ගැන ආරංචි නැත.


Comments
Post a Comment
Your comment will be visible after approval