People-are-setting-fire-to-the-ministerial-property-in-Andhra-Pradesh,-India-by-copying-it-from-Sri-Lanka

අඟහරුවාදා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි අමලපුරම් නගරයේ විරෝධතාකරුවන් පිරිසක් සහ පොලිසිය අතර ප්‍රචණ්ඩ ගැටුමක් වාර්තාවූ අතර ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍ය පී. විශ්වරුප්ගේ සහ ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රී පී.සතීෂ්ගේ නිවාස ද උද්ඝෝෂකයින්  ගිනි තබන ලදී. 


ඇමතිවරයාගේ පවුල ඒ වන විටත් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් තිබුණි. මන්ත්‍රීවරයාගේ පවුලේ අය නිවසේ සිට ඇත්දැයි මුලින් වාර්තා නොවූ නමුත් පොලිස් ආරංචි මාර්ගවලට අනුව පවුලේ කිසිවකුට තුවාල සිදුවී නොමැත.

පොලිස් මූලාශ්‍රවලට අනුව, අවම වශයෙන් වාහන හතක් - පොලිස් වාහනයක් සහ අධ්‍යාපන ආයතනයකට අයත් බස් රථයක් ඇතුළුව - ගිනි තබා ඇත.

අවම වශයෙන් දිනකට එක් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් නොමැතිව ඔවුන් අවදානමට ලක්ව තිබෙන පසුබිමක ප්‍රාන්තයේ අලුතින් නිර්මාණය කරන ලද කෝනසීමා දිස්ත්‍රික්කය ආචාර්ය බී.ආර්.ගේ නමින් නැවත නම් කිරීමට ආන්ද්‍රා රජය ගත් තීරණයට එරෙහිව උද්ඝෝෂකයෝ විරෝධය ආරම්භ කළ බව කියැවේ.

ගැටුම්වලින් පොලිස් නිලධාරීන් විසි දෙනෙකු තුවාල ලබා ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටනෙටි වනිතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළාය. ප්‍රචණ්ඩත්වය අවාසනාවන්ත බවත්, අපරාධකරුවන්ට එරෙහිව පොලිසිය දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය පැවසුවාය.