
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ක්‍රියාකලාපයන්ට එරෙහි තවත් උද්ඝෝෂණයක් අද මැයි මස 15 වන දින ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුණා.
මෙහිදී වත්මන් රජය අරගලයේ ඉල්ලීම් ඉටු නොකිරීම හා ජනතාවට ඇහුම්කන් නොදීම දැඩිලෙස හෙලා දුටුවා. එමෙන්ම සාමකාමී අරගලකරුවන්ට මැයි 9 වනදින පහරදීම, එයට සම්බන්ධ අයවලුන්ට දඬුවම් නොකිරීම මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කරමින් සිදුකරනු ලබන දේශපාලන ඩීල් පිළිබඳවත් බලවත් අප්‍රසාදය පලකලා. ඔවුන් බලකර සිටියේ ශ්‍රී ලංකාව තුල නව දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම උදෙසා ජනාධිපති ගෝඨාභයට ඉල්ලා අස්වන ලෙසයි

Comments
Post a Comment
Your comment will be visible after approval