dan-priyasad-sirasa-joke

පසුගියදා ගෝඨාගෝගමට ප්‍රහාර එල්ල කිරීමට දායක වූ බවට සැක පිට සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ උදහසට ලක්වූ ඩෑන් ප්‍රියසාද් ව්‍යාජ ලෙස ප්ලාස්ටරයක් තම ඇසකට අලවාගෙන අනුතකම්පාව දිනාගැනීමටත් පව් සමාකරගන්නටත් උත්මසාහ කරන බවට එම සිද්ධියෙන් පසු මත පළවිය.


අනතුරුව ඩෑන්ගේ ප්ලාස්ටරය ව්‍යාජ එකක් බවට පෝස්ටු හුවමාරු වෙද්දී ඇතැමුන් නි්රමාණාත්මක ලෙස සිරස ප්‍රවෘත්ති කියවන නිවේදකයෙකුගේ මුහුණට ඒ ආකාර වෙනත් ප්ලාස්ටරයක් අමුණා සමාජ ජාලා වලට මුදාහැර තිබුණි.
උපහාසාත්මක අරුතකින් නිකුත් කළ මෙම ඡායාරූපය ව්‍යාජ එකකි. එහි අරමුණ වූයේ ඩෑන්ව විහිළුවට ලක්කිරීම බව පෙනෙන්නට තිබේ.
පසුගිය මැයි 14 වන දා රාත්‍රී 07.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදී පාර්ලිමේන්තු වාර්තාකරු අමර ශ්‍රී බණ්ඩාර විසින් ඉදිරිපත් කළ ඉදිරිපත්කිරීමක් මේ ආකාරයට නිර්මාණාත්මක භාවිතයේ යොදා ඇත.