Army-avoids-O-/-L-exam-hurdle-due-to-floods

මේ දිනවල ආරම්භවී ඇති අපොස (සා/පෙළ) විභාගයට  පුත්තලම ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථාන වෙත යන දරුවන්ට පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාපතනයත් සහ ගංවතුර බාධා එල්ල කර තිබේ.




 අද (24) දින ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලයේ  විභාග මධ්‍යස්ථානයේදී සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරු දැරියන්ට ඇති වූ අපහසුතාවය මඟහරවා ඔවුන්ට සහන සලසමින් විභාග මධ්‍යස්ථානය නව ස්ථානයක ස්ථාපනය කිරීමට යුද්ධ හමුදා භටපිරිස් සිය සහය ලබාදී ඇත.
ඒ අනුව, පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලය වෙත කඩිනමින් පැමිණි 141 වන බලසේනාවට අයත් යුද්ධ හමුදා සාමාජිකයෝ මෙම ක්‍රියාන්විතය සඳහා සිය සහයෝගය ලබාදුන්හ.