sri-lanka-cricketer-mishara-recalled-from-bangladesh-tour

බංගලාදේශයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නවක ක්‍රීඩක කමිල් මිෂාර නැවත මෙරටට කැඳවීමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.


විනය විරෝධී හැසිරීම මත ඔහු නැවත කැඳවන බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 21 හැවිරිදි ඔහු බංග්ලාදේශයේ නවාතැන්ගෙන සිටියදී අනවසරයෙන් රාත්‍රී වීදි සංචාරය කර හසුව ඇතැයි වාර්තාවේ.


මින් ඉහත මෙවැනි විනය විරෝධී ක්‍රියාවකට ලක්වීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තරග තහනම් පැනවිණි.

Kamil Mishara  2001 අප්‍රේල් 24 උපන් තවමත් වයස 21 වූ ක්‍රීඩකයෙකි. පානදුර මහානාම හා කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වූ කමිල් 2018 සන්ඩේ ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක සම්මානය දිනාගත්තේය.
ඔහු මීට මාස 7 කට ඉහත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරග වලට පිවිසි අයෙකි.
2021 නොවැම්බර් මාසයේදී,  බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඔහු නම් කරන ලදී.

2022 ජනවාරි මාසයේදී, ඔස්ට්‍රේලියාවට එරෙහි තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා විස්සයි20 ජාත්‍යන්තර  සංචිතයට ඔහු නම් කරන ලදී. ඔහු 2022 පෙබරවාරි 20 වැනි දින ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහුගේ පළමු T20 තරගයට පිවිසියේය.
2022 අප්‍රේල් මාසයේදී, ඔහු බංග්ලාදේශයට එරෙහි තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නම් කරන ලද අතර ඔහු විනය විරෝධී ක්‍රියාවට ගොදුරු වන්නේ එහිදීය.
ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට කමිල් මිශාරවද ඇතුළත් කර තිබුණ නමුත් මේ දක්වා එකම තරඟයකට හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට හිමිව තිබුනේද නැත.